මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Tuesday, July 31, 2018

ප්‍රේමය ඇති තැන්




"ප්‍රේමය තිබුණේ එවන් තැන් වලය"

දම් පාට වළාකුලක් පෙන්නා "ඔබ වගේ යැයි" කියු තැනකය.
දෙනෙතට දෙනත යා කර බලා හිඳ කිසිත් නොකියා සුසුමක්ම පමණක් පිට කළ තැනකය.
ඔබ එනතුරු මග බැලු තත්පරත් කල්පයකැයි සිතුන තැනකය.
සුළැඟිල්ලකින් අල්ලා "දිනෙක තනි නොකරමියි" කී තැනකය.

"අද, ප්‍රේමය ඇත්තේ මෙවන් තැන්වලය."

හැන්දෑ අහසක දම් පාට වළාකුළු ඇස ගැටෙන තැනකය.
ඔබේ සුසූමක් මතක් වී දෙපා නවතින තැනකය.
නොනිදන රැයක දිගු තත්පර වල තුරුණු රැහැයි හඬ ඇසෙන තැනකය.
සුළඟක ගැවසෙන ඔබේ සිනහව තුරුපත් අඟින් විසිරෙන තැනකය.

"දිනෙක ඔබට ප්‍රේමය හඳුනගත හැකි මෙවන් තැනකය."

වළාවක් සේ පාව යන්නට ඔබව අත හැරිය දෑතකය.
සිත රිදෙතැයි බියෙන් සුසූම් සඟවන තැනකය.
කොයි තරම් දිගු දවස් උව,කෙටිම කෙටි තත්පර වලින් ලකුණු කර මඟ බලන දෑස් ඇති තැනකය.
ඔබේ සිනහවක් වෙනුවෙන් ලඳළු පත් වලට පෙම් බඳින හිතක් ඇති තැනකය.

6 comments:

  1. මේ අලුත් විදිය මාව මෙහෙට ගෙන්නනන එක කම්මැලි කරනවා අප්පා

    ReplyDelete
    Replies
    1. හී හී මෙහෙම වෙනවා ඉතිං දන්නැති ඒවා කරන්න ගියාම,
      දැන් ඉතිං පෙරලුන පට හොඳයි කියලා ඉන්නවා

      Delete
  2. එල එල කොහෙ හරි තැනක ප්‍රේමය තියෙනවනම්

    ReplyDelete
  3. Replies
    1. ස්තුතී ඉතිං ආදරයෙන් පිළිගන්නවා යාත්රා්වට

      Delete

C ට ආදරෙන්

  ආදරණීය C, මේ වෙන්වීම මට දැනුනේ අපෙන් අපව තවත් දුරස් කරවන හැඟිමක්, ඔබව - මට වසර ගණනාවකින් හමුවෙලා නැහැ, ඔබ - මම වසර ගණනාවකින් කතාබහ කරලා නැ...