Thursday, March 16, 2017

හුදකලා වෙමි





හුදකලා වෙමි.
වසක් හෝ සිය වසක් වුව
පියවරක් මත පියවරක්
තබා ආ නොහැකිනම් තව.....




බලා හිදිනෙමි.
කාලයක් හෝ කල්පයක් වුව
සිහිනයත් සිහිනයක් වී
  රාත්‍රිය මියෙද්දීත්....





නොවිමසන්නෙමි.
පසුවදන කොහි පෙරවදන් කී
කවිකමට හෝ කවිවලට
සුළඟ ඒ කවි ගයද්දී....




8 comments:

  1. ඇවිත් යන්නෙමි.
    පිපී සුවඳින් නැහැවෙනා
    පද පෙලින් හැඩවෙනා
    මේ රසම ලිපි තියෙනතුරූ....

    ජයවේවා!!!

    ReplyDelete
  2. හුදකලාවෙ බලා සිටමි කිසිවකුත් නොවිමසා..අගෙයි....

    ReplyDelete