මේතැන පසු කර කෙලෙස යන්නද
සිතක් වළලා දැමු තැනයි
තාම ගැහෙනා හදේ ගැස්මට
දෙපා යුග නවතින තැනයි
අදත් මේ හන්තාන සුළඟේ
නුඹේ සුවඳම පාව එයි ......
සොඳුර නුඹ නැති හුදකලාවක
රඟහලත් මිය ගිය සැදෑවක
නුවන් දෑලින් ගැලුව කඳුලේ
සුසූම් සෝ ස්වරයට මුහුවී
අදත් මේ හන්තාන සුළඟම
ඒ ශෝක ගීතය ගයයි ......
සොඳුර නුඹගේ කල්පනාවක
දුරින් මා සිටිය මොහොතක
අහස ගුගූරා වැටුන වැස්සේ
හිත තලන රිදුම් හා මුහුවී
අදත් මේ හන්තාන සුළගම
එදා ඒ සීතල ගෙනෙයි ......
සුන්දර කවි පෙළක්...
ReplyDeleteඊයෙ පෙරේදා දිනක ඔන්න ඔය පැත්තෙ ගියා මලගෙදරක...පේරාදෙනිය..නුවර...හන්තාන කන්ද දැක්කම ආස හිතුනා බැහැල ඇවිදලා එන්න...ඇත්තෙන්ම මේ කව වගේම අපූරුයි
ReplyDelete