මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Saturday, January 28, 2017

මහ පොළව සහ මිනිස්සු



මිනිහෙක් සරළම තැන ඉඳන් ජිවිතේ පටන් ගන්නේ, මේ මහ පොළවේ දෙපයින් හිටගෙන.



එත්,

මේ මහ පොළවට කාරලා කෙළ ගහන මිනිස්සුන්ට අමතකයි,
තමන් පය ගහලා ඉන්නේ මේ මහ පොළවේ කියලා.


කවදා හරි දවසක ජිවිතේ අවාසනාව ලඟා වුනාම,
මේ මහ පොළව බදා ගෙන වැළපෙන මිනිස්සුන්ට ඒ දවසේදී, මේ මහ පොළවේ වටිනාකම දැනෙනවා.


ටික දවසකින් ඒ වටිනාකම් වෙන්දේසි කරන මිනිස්සු, ඒ පොළවේම සත් මහල් ප්‍රාසාද හදනවා.


සඳළුතල වල ඉඳගෙන තමන්ගේම කුණු හෝදලා  මේ මහ පොළවට ඒ ඉඳුල් වතුර ටික විසි කරන මිනිස්සුම, ඉඩොරේදි කාටස්ක අව්වේ පිච්චි පිච්චී දිය පොදක් හොය හොයා සුසූම්ලනවා.


ඒ දවසේදී, නැගෙන සුසුම් පොද දිය කරලා මේ මහ පොළව අස්වද්දන්න හිතට වාරු ගන්නවා.


ඒ මිනිස්සුම වැසි සමය ලඟා වෙලා වැටෙන ලපළු වැස්සට කිරි වදින කුරහන් ටික කපලා අටු කොටු පුරවන කොටම, මේ මහ පොළව මත කුරහන් පිදෙන බව අමතක කරනවා.


මිනිස්සුන්ට හැමදාම හැම මොහොතකම මේ මහ පොළව අමතක වෙනවා.



ඒත්, මේ මහ පොළව හැමදාම මිනි්සසු දෙපයින් හිට ගන්න කොට ඒ බර දරා ගන්නවා.






3 comments:

  1. මිනිස්සුන්ට බොහෝ දේ ඉක්මනින්ම අමතක වීම තරම්ම අභාග්‍යයක් වෙන කොයින්ද..කෙටි වුණත් මේ සටහනේ ලොකු කතාවක් තියනවා

    ReplyDelete
  2. දෙයකින් තමන්ගේ අවශ්‍යතාවය පිරි මැහෙන තාක් ඒ දේ වන්දනා කිරීමත්, තමන් තෘප්තිමත් වූ පසු ඒ දේ සම්පුර්ණයෙන්ම අමතක කිරීමත් මිනිස් ගතිය...අපූරු සටහනක්...

    ReplyDelete
  3. මිනිස්සු මේ ටික හිතනවා නම්..... ඒත් ඔබට සතුටු වෙන්න පුළුවන් ඔබ මේ ලියන සටහන් නිසාමකෙනෙක් දවසක මේ ගැන හිතන්නට පටන් ගනීවි

    ReplyDelete

මගේ අප්පච්චිගේ "The last Call"

  එදා ඒ රෑ පුරාවට ඔබ, මට කතා කළ බව ඇසු විට අප්පච්චි, මම හිතනවා ඔබ මට  "රැවන්" කියන්නට ඇතිද? එහෙම නැත්නම් "පුතේ" කියන...