මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Wednesday, September 19, 2018

මා පහන් දැල්ලක්ය

සිහිනෙකි සිහිනෙකි ඔබ රුදුරු සිහිනෙකි
දෑස් රිදවා යන්න කඳුළු බිදුවක එතුන
පෙමක මිහිරැති සුවඳ පරව මියයන කලෙක
යදම් සහසක පහර දරමි හදවත පතුල

ඔබ නොමැති ලොව අරුත කිනම් පැහැයද නොදැන
පෙම් කරමි අඳුරටම ඔබව මතකෙට ගෙනෙන
සැලෙන ඔබ නිවාදැමු මා පහන් දැල්ලක්ය
සුසුම් හුස්මට ඔබේ පෙම් කරන පහනක්ය

කඳුලකි කඳුලකි ඔබ රුහිරු කඳුලකි
අහිමි සුව මතකයක ජිවිතය තනිකරන
පෙමක උණුසුම් සුවය හළුව දැවෙනා කලෙක
කුළුණු එක්ටැම් සිරස සගවමිය හද නිමල

ඔබ ලඟක නැති විටක යයුතු සදිසා නොදැන
නතර වෙමි එතැන මම ඔබව දැසට පෙනෙන
ගලන රුහිරෙන් වැසුණ සොලොස් කල පිරි සඳය
එදා ඔ⁣බේ සඳ මම ය දැන් අමාවක දිගුය

10 comments:

  1. එදා ඔ⁣බේ සඳ මම ය දැන් අමාවක දිගුය

    හිතට වදින වචන

    ReplyDelete
  2. ලස්සනයි යාත්‍රා.

    ජයවේවා!!!

    ReplyDelete
  3. හරිම ලස්සණයි

    ReplyDelete
  4. මේවගේ කවි කිව්වෙ ස්කයිප් ෆේස් බුක් විඩියෝ චැට් නැති කාලෙනෙ. දැන් කෙලින්ම ස්කයිප් කරලා බලන්න කථා කරන්න පුළුවන්නේ. හෙහ් හෙහ්. විහිළුවට.. හරි ලස්සන කවි.

    ReplyDelete
    Replies
    1. අපි නම් තාම කියනවා ඉයන්. හී හී. ස්තුතී හැමදාම ආදරය ඔබට

      Delete
  5. අගෙයි කවි ටික යාත්‍රා...

    ReplyDelete

C ට ආදරෙන්

  ආදරණීය C, මේ වෙන්වීම මට දැනුනේ අපෙන් අපව තවත් දුරස් කරවන හැඟිමක්, ඔබව - මට වසර ගණනාවකින් හමුවෙලා නැහැ, ඔබ - මම වසර ගණනාවකින් කතාබහ කරලා නැ...