මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Friday, November 22, 2019

නුඹ හැමතැනම වෙයි

පොරොන්දු වු පරිදිම නොවී
කඩ උන පොරොන්දුත්,
සිහිනයක් පරිද්දෙන් ම වී
බිඳි ගිය සිහිනත්,
කඩ වීමට බිඳි යාමට පෙර
මෙවැනි ස්වරයක් වු බව මතකද?

ඔබ පොරොන්දු වු වදනින්ම
තිළිණ දුන් සිහින විලසින්ම
හුදකලා විරාමයන් තුළ
ඉඹි ගමන් තත්පරවලට
පිංසිදුවන්නට
නැවත නැවත නැවත
හෘදයට විෂ පොවයි.

ඔව් : එහි තේරුම
හිතවතිය : නුඹ
දන්න පරිදිම
නුඹ හැමතැනම වෙයි.
හැමදෙයම වෙයි.

2 comments:

FourTwentyAMThought

මේ කවියක් නෙවෙයි ආත්මය හිර කෙරූ වචනයි මෙය මම ලියන්නේ ඇත්තෙන්ම මගේ පලවෙනි පෙම්වතාටයි ("දයාබර ....." මම ආමන්ත්‍රණය ගන්නේ ඔහොමයි...