මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Tuesday, December 3, 2019

දිනෙක අතහැර යමි

නිහඬ වෙමි.
සිතුවිලිත් නිදි බැවින්,
කෙටි සුසූම් ඇහැරවමි..
සඳත් අද දුර බැවින්.

සවන් දෙමි.
පවන ගයනා බැවින්,
දිගු රැයම නොනිදමි..
සිහිනයක් නැති බැවින්.

බලන් ඉමි.
රළ වෙරළ සිබිනා බැවින්,
දිනෙක අතහැර යමි..
ක්ෂිතිජයම දකිනා බැවින්.

1 comment:

  1. කට්ට රසට කෑමට හරක් මස් ලබා දුන් සුන්දර පර්ෂියාවට බුදුබව අත්වේවා.

    ReplyDelete

FourTwentyAMThought

මේ කවියක් නෙවෙයි ආත්මය හිර කෙරූ වචනයි මෙය මම ලියන්නේ ඇත්තෙන්ම මගේ පලවෙනි පෙම්වතාටයි ("දයාබර ....." මම ආමන්ත්‍රණය ගන්නේ ඔහොමයි...