මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Saturday, November 6, 2021

"මැණිකේ මගේ හිතේ"*

 

ඇසෙන විට
"මැණිකේ මගේ හිතේ"*
තනි කකුල තාලයට සෙලවේ
සෙමින් කියැවේ
"මගේ හිත නෑ මටම මෙල්ල"*
 
අවුරුදු දොලහක් තිස්සේ
ටයිල් නොකළ ගේ බිම
ඇස් අඟට දිස්වේ
ඊට ඉහළින් බිත්තියේ
ඇණ ගෑසු බ්ලොක් ගලක් මත
පදක්කම් කිහිපයක් හිනැහේ
 
කියන විට
මගේ මැණිකේ දුක හිතේ
දකුණු අත මිට මේලවේ
වැරෙන් නතරවේ
කැළල ළඟ කපා දැමු කකුලේ
 
ලොකු කෙල්ල දැන් දොළහ වසරේ
දොස්තර කෙනෙක් වෙනවාමයි කියනවා
ඔන්ලයින් පංති යන අතරේ
හාල් එකසිය හැටයි සීනි නෑ බෝතලේ
බඩගීනි කියනකොට ඇහෙනවා
කුස්සියේ දොස්මුරේ
"පන්සීය තියා ගමු
ඔන්ලයින් වලට ඩේටා ඕනනේ,
පන්ති සල්ලිත් දෙන්න වෙයි ඔන්න
මේ දෙවෙනි සතියනේ"
 
කියන විට
මගේ මැණිකේ දුක හිතේ
රන් විමනයි, මිණි පහණයි
කන්න දැයි මට සිතේ
ඇසෙන විට
"මැණිකේ මගේ හිතේ"*
දුක නිවෙයි
අපි ගිහිල්ලලු නේද
දැන් ජාතියන්තරේ
 
* උපුටන
*"මැණිකේ මගේ හිතේ" (ගීතය)

4 comments:

  1. මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "අංක 8 කැටපත් පවුර" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න!

    ReplyDelete
  2. ජාත්‍යන්තරයටත් යන්න එපාය යන්න පුළුවන් අය . කවිය හොඳයි, ගොඩක් අයට තිබෙන ප්‍රශ්න. ඒවා අමතක කරවන්නේ මොහොතකට "මැණිකේ " වගේ දේ. නැත්නම් මිනිසුන්ට ජෝඉවිත එපාවෙනව.

    ReplyDelete

C ට ආදරෙන්

  ආදරණීය C, මේ වෙන්වීම මට දැනුනේ අපෙන් අපව තවත් දුරස් කරවන හැඟිමක්, ඔබව - මට වසර ගණනාවකින් හමුවෙලා නැහැ, ඔබ - මම වසර ගණනාවකින් කතාබහ කරලා නැ...