මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Thursday, January 27, 2022

පසුව ලියමී,


මා නොමැති දිනයක
ඉදින් ඔබ හුදකලා වීමද?
මා නොමැති තැන් වල
මා ඇතැයි සිතිමද?
‍‍දැන් ඉතිං, අත්හළ යුතුය
ප්‍රේමිය.

සෘතුවකට පසු සෘතුවක
‍තැවැරෙන ප්‍රේමයක් වෙද?
ඉතිං, ඔබ ඒ වැළඳ හිනැහෙන්න
ප්‍රේමිය.

උද්‍යානයක කෙළවර
වෙන් කෙරුණු බංකුවක් ඇත
හැම වසන්තයකම
ඉතිං, එය හිස් නොකරන්න
ප්‍රේමිය.
පසුව ලියමි.
මම ඔබට ආදරෙයි.



2 comments:

  1. ආදරේ කියන්නෙ ගේ ගෙම්බෙක් වගේ. කොහෙට්ට කෝම විසි කරත් වැටෙන්නෙම ගේ පැත්ත බලාගෙන 😃😃😃 වගේ ආදරෙත් කෝම කොය් විදිහකට තලල විසි කරන්න හැදුවත් වෙන්නෙම ඒකෙ මුල් ස්වරූපයට එනේක

    ReplyDelete

ඉතා මිටි මම

  මගේ උස පහයි එකකි ඔබ ඊට අඟල් දෙකක් වැඩිය එහෙම බැලුවාම අපි ඉතා මිටිය ගොඩක් පුංචිය. ඇත්තම කිව්වොත් මේ ලෝකයම අපට වැඩියෙන් උසය. ඉතා ලොකුය....