මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Thursday, May 15, 2025

FourTwentyAMThought


මේ කවියක් නෙවෙයි
ආත්මය හිර කෙරූ වචනයි

මෙය මම ලියන්නේ ඇත්තෙන්ම
මගේ පලවෙනි පෙම්වතාටයි

("දයාබර ....."
මම ආමන්ත්‍රණය ගන්නේ ඔහොමයි
PS: I miss you so much
කවියේ අන්තිම ලියන්නේ මෙහෙමයි)

මේ කවියෙ
පෙම්වතා වීරයා දුෂ්ඨයා ඔබමයි
ඒ කවියෙම
ඔබට පෙම්වතියන් හතරයි
තුන්වැන්නා මම අපි අතර ඇත්තමයි
ඉරිසියාවක් තිබුණේම නැති ගානයි
ඔබ වැඩිපුරම ආදරේ කාටදැයි
සමහරදාට අපි අපෙන් විමසයි
උත්තරයක් නැතිව අපි අපිම ගොළුවෙයි
එත් ඔබ ගැන මතක ගොන්නට
අපි හරිම ආසයි,
කොයිතරමි සුන්දරද එදවස්
මහ සයුර තරමට විශාලයි
රිදුණ තැන් බිඳුන තැන් ඇතත් අපමණ
ඒ සියල්ලම දැන්
නොසලකා හැරිය යුතු ගානයි

පළමු පෙම ගැන කියන්නට
ඔබටද වචන නැති ගානයි
මම දැක්ක මහා ප්‍රේමය එයයි
මටද වචන නැහැ සත්තයි

ඇය ඔබේ ජිවිතේ යාත්‍රාව, නැංඟුරම වෙන්න ඇති
බර දැරු උරහිසට නිවහනක් වෙන්න ඇති
හිස අතඟා ළය සනහන මව්බිසෝ වෙන්න ඇති
ඔබ කොයිතරම් දුර ගියත් ඒ ආදරේ නොසැලුනේ ඒ නිසා වෙන්නැති

මේ වචන ලියන්නේ
දෙවෙනි පෙම ගැන කීමටයි
ඇත්තේන්ම දත යුතුයි
මෙය තවම කවියක් නොවෙයි

ඇය ඔබේ ආඩම්බරය, හෙවණැල්ල වෙන්න ඇති
ඔබේ උරහිස් මතින් ලෝකයක් දකින්නැ'ති
ඔබ ඇයට තේරු සායම් වලින්
ඇගේ හීන  පාට වෙන්‍නැ'ති
විසල් අහසේ සරන්නට දී
සීමාද දමන්නට ඇති

මමයි ඔබගේ තෙවෙනි පෙම
එය වඩා විශාලව නොගත යුතුයි
මොකද මම දැනන් හිටියා
ඔබෙන් පෙම නොපැතිය යුතුයි

මම හිතනවා මම ඔබේ ශක්තිය වෙන්න ඇති
වඩා වැඩියෙන් උරහිසේ රැඳි බරක්
වෙන්න ඇති
නිහඬව උනත් මම පැතුවාට වඩා ආදරේ දෙන්න ඇති
පොරොන්දුවක් නොමැතිව පවා
මට ඔබව තේරුණේ ඒ නිසා වෙන්න ඇති

ඔබේ හතරවන ප්‍රේමය ඇයයි
ඉතා හුරුබුහුටියි  ඔබට ඇ විශේෂයි
ඔන්න අන්තිම පදය ලියනවා
දැන් මේතැන් සිට කවියක් තමයි

ඈ මැජික්කාරියක් ඔබේ තුළ ආදරේ මායාව දකින්නට ඇති
ඔබ පරම සත්‍යක් ඇය ඔබේ ආදරය විශ්වාස කරන්නත් ඇති
ඈ ඔබට රැජිනක් ඔබ ඇයට රාජ්‍යක් තනන්නත් ඇති
ඔබේ ආදරේ යම් තැනක අසමානතා
ඒ නිසා වෙන්න ඇති

ඉතිං ඔබ මේ පෙම්වතියන්ට ආදරය කළ එකම මිනිසා,
මේ කවියේ අවසානයට ඔබ සිටී.

Like —
(You taught us strength.)
Like —
(You turned pain into laughter.)
Like —
(You fought for our futures.)
Like Atticus—
(You guided us with wisdom.)
Like Furious Styles—
(You built us up, with whatever love you had left.)

Mufasa මෙන්,
(ඔබ අපට ශක්තිමත් වීම කියා දුන්නා)

Guido මෙන්,
(ඔබ සියළු වේදනාවන් සිනහවක් බවට පත් කළා)

Chris Gardner මෙන්,
(ඔබ අපේ අනාගතය වෙනුවෙන් සටන් කළා)

Atticus මෙන්,
(ඔබ අපට ප්‍රඥාවෙන් මඟ පෙන්වූවා)

Furious Styles මෙන්,
(ඔබ ඔබේ ආදරයෙන් හැකි පමණ අපව ගොඩනඟා ගත්තා)


මේ කවිය දැන් නිමයි
එනමුදු තවමත්
ඔබ අපේ පෙම්වතා 
මගේ පළමු පෙම්වතා

ඉන් පසුව

ඔබ අපේ වීරයා,
සමහරක් විට දුෂ්ඨයා


පොරොන්දු වු ලෙසම
මම අවසානයට ලියන්නම්


"PS: I miss you, not even a thousand poems could say it right අප්පච්චි"



FourTwentyAMThought

මේ කවියක් නෙවෙයි ආත්මය හිර කෙරූ වචනයි මෙය මම ලියන්නේ ඇත්තෙන්ම මගේ පලවෙනි පෙම්වතාටයි ("දයාබර ....." මම ආමන්ත්‍රණය ගන්නේ ඔහොමයි...