ජුනි විසිහතර
අදත් ඉර පැයුවේ වෙනදා විදිහටමයි. කිසිම වෙනසක් නෑ. මම ඒක දැන ගත්තේ වෙනදා වගේම මම නිදන ඇදට ඉහළින් තියෙන ජනේලෙන් වැටෙන ඉර එළිය මගේ මාපට ඇඟිල්ලට වැටුණ විදිහෙන්. එහෙම ඉර එළිය වැටෙන්න හරියටම අට වෙන්න ඕන. දැන් තමයි ඒ මහත මිසි බෙහෙත් අරන් එන්නේ. මම කොට්ටෙන් ඔළුව ටිකක් උස්සලා බලන්නේ ඈත තියාම එයා එන විදිහ බලන්න. වම දකුණ වම දකුණ එයා එන්නේ පැද්දී පැද්දී. අදවත් මම මහත මිසීට කියන්න ඕන " දැන් මට පිස්සු නෑ කියලා"
ජුලි හය
මහත මිසී දවස් දෙකකින් ඇවිත් නෑ. කෙට්ටු මිසී දුන්න බෙහෙත් වල පුදුම තිත්තක් තිබුණේ. තුන්වෙනි දවසේ මම කෙට්ටු මිසී දුන්න බෙහෙත් බිව්වේ නෑ. මම බෙහෙත් බොනකම් කෙට්ටු මිසී බලාගෙන උන්නෙත් නෑ. මිසී ගියාට පස්සේ මම බෙහෙත් පෙතී ඔක්කෝම සිරිපාලයාගේ කොට්ටේ යටට දැම්මා. කොයි වේලාවක හරි සිරිපාලයා බැනුම් අහාවී. ඕකට හොඳ වැඩේ.ඒ පිස්සා දවස් දෙකක්ම මහත මිසීට පාර හරස් කරලා බැන්නා. මහත මිසී ආවම මේ ඔක්කෝම කියලා හිනා වෙන්න ඕන.
ජුලි දහය
මම රෑ වෙනකම්ම තමයි බලාගෙන හිටියේ. අද රෑ වැඩ මහත මිසී කියලා කෙට්ටු මිසී උදේ බෙහෙත් දෙන්න ආපු වෙලාවේ කිව්වා. මහත මිසී දවස් ගානකින් දකිද්දි කළින්ට වඩා කෙට්ටු වෙලා තිබුණා. ඒකයි ලඟට එනකම්ම අඳුනගන්න බැරි උනේ. " වජිරට අපිව අමතකත් වෙලා" කියලා මහත මිසී කියපු විදිහට දුක හිතුනා. ඔළුව අත ගලා බෙහෙත් පෙති ටික අතේ තියද්දි ආයෙමත් ඒ දුක නැතුව ගියා. හෙටවත් මම මහත මිසීට කියන්න ඕන "දැන් මට පිස්සු නෑ. මම මිසීට ගොඩක් ආදරේයි කියලා"
ජුලි දහතුන
මහත මිසී ඒක අහලා හරි ලස්සනට හිනා වුනා. "වජිර පොඩි එකෙක් වගේ" කියලා වෙනදාට මහත මිසී තමයි කියන්නේ. "අද මහත මිසීත් පොඩි එකෙක් වගේනේ" මම මහත මිසීට කියනවා. " ඉතිං වජිර, වජිරත් පොඩියි, මමත් පොඩියි. ඒකනේ අපි ගැලපෙන්නේ." මහත මිසී එහෙම කියද්දි මට ලැජ්ජයි. " වජිර ඉක්මනට සනීප වෙන්න", මහත මිසී බෙහෙත් ටික අතින් තියලා හරි ආදරෙන් කියනවා. " මම මහත මිසීට කියන්න ඕන " දැන් මට පිස්සු නෑ. අපි බඳිමු කියලා"
ජුලි පහළොව
මම සිරිට කිව්වා මහත මිසී මට කැමති බව. "ඉරිසියාකාරයා" මහ හයියෙන් හිනා වෙන්න ගත්තා. ඒ පිස්සා ඉස්පිලිතාලේ හැමෝටම ඒක කිය කිය ඇවිද්දා. සමහරු ඇවිත් මාව බදා ගත්තා. සමහරු අතට අත දුන්නා. කිප දෙනෙක් සිංදු කිව්වා. කෙළවරේම ඇඳේ හිටපු කුන්දන් පිච්ච මල් වැලක් ගොතන්න පටන් ගත්තා. මහත මිසීට ඒක ලස්සනට තියෙයි කියලා කුන්දන්ම කියනවා. ප්‍රේම් මට ටයි එකක් ගැට ගැහුවා. ගුණේ මගේ කලිසමට උඩින් අලුත් සරමක් ඇන්දුවා. මම හිටියේ මහත මිසී එනකම් බලාගෙන. මහත මිසී ට මම අද කියනවා මම එයාව බඳින්න කැමතිය කියලා.
ජුලි විසි එක
මහත මිසී බැඳලා මාරුවකුත් හදාගෙන ගියා කියලා හවස කෙට්ටු මිසී කිව්වේ බොරුවක් වෙන්න ඕන. මම අඩන්න ගත්තාම හැමෝම මාත් එක්ක ඇඩුවා. සමහරු මගේ පිටට තට්ටු කලා. සමහරු මාව බදාගත්තා. සමහරු සිංදු කිව්වා. කුන්දන් පිච්ච මල් පෙති ගලවන්න පටන් ගත්තා. මම සිරිගේ අතට පිහියක් දිලා කිව්වා මාව මරන්න කියලා. සිරි ඈත තියන් දුවන් ආවේ වේගෙන් ඇවිත් මට පිහියෙන් ඇනලා මරන්න. සිරිගේ වේගෙට අනුව හැමෝම වට පේළියට ඉදන් තාලෙට අප්පුඩි ගැහුවා. ඒ මැද්දට වෙල මම හිටගෙන හිටියා. " ආ හරි සෝක් සෙල්ලමක්නේ පටන් අරන් තියෙන්නේ" එහෙම කියන ගමන් මගේ කවුද මගේ අතින් ඇද්දාා. මහත මිසී වෙනුවට ආපු අලුත් මිසී. "අලුත් මිසී" හෙට මම අලුත් මිසීට කියන්න ඕන " දැන් මට පිස්සු නෑ කියලා"
_________________________________________________________
මාරයා වැසී පිස්සෙක් තවත් පිස්සෙක්ට කරපු දේ මෙන්න.
විඩියෝ සහිතයි
1 hour ago
__________________________________________________________
මානසික රෝහලේ ගැටුමෙන් එක් අයෙකු මරුට
දිවා පුවත්
___________________________________________________________
මානසික රෝගියා මිය යැමට හේතුව පෙම් පලහිලව්වක්.
හෙළකෙත පුවත්පත
WOW !!!!!!!!! brilliant
ReplyDeleteThank you ian
Deleteඅපූරු ලියවිල්ලක් යාත්‍රා.
ReplyDeleteජයවේවා!!!
ස්තුතී දුමි
Deleteමරු නේ ඉයන්ගෙන් තමයි පාර දැන ගත්තේ
ReplyDeleteසුපිරි!
ReplyDeleteගොඩක් ස්තුතී මිත්‍ර අදරයෙනි.
Deleteඉයන් උබට ඉස්තුති................දිගටම ලියන්න. අපි ඉන්නවා මෙකෙ වල බැහැගෙන...........
ReplyDeleteමමත් ඉයන්ට ස්තුතී කියනවා. ඇත්තටම කොච්චර කිව්වත් මදි. ඒක නම් නියමයි. එහෙම කියවන අය ඉන්නවා කියන්නේ ලියන්න ආස හිතෙනවා. ආදරෙන් පිළි ගන්නවා ආයෙමත්. මට මතක විදිහට මිට කලින් මෙන්ඩාව මම පිළි ගත්තා.
Deleteඉයන් උබට ඉස්තුති................දිගටම ලියන්න. අපි ඉන්නවා මෙකෙ වල බැහැගෙන...........
ReplyDeleteමෙවා අපෙ බ්ලොග් අපිට අනුමැතිය ඔනෙ නැහැ කෙමෙන්ට් දාන්න....
ReplyDeleteකමෙන්ට් ටික දැන් තමයි පබ්ලිස් කරන්න පුළුවන් උනේ. ඒකටත් උපදෙස් ඉයන් තමයි දුන්නේ ඇත්තටම ස්තුතී ඉයන්ට. අනිවාර්යෙන් මේකට උපුටගන්න කපන්න කොටන්න කමෙන්ට් කරන්න නොදා ඉන්න කියවන්න නැත්නම් නොකියවා ඉන්න අනුමැතියක් මොකටද නේද මෙන්ඩා. මේ බ්ලොග් එක ඔයලාගේම කියලා හිතන තරමට ඒක මහ පුදුම සතුටක් වෙලා හිතට දැනෙනවා
Deleteහැම පිස්සෙක්ම හිතාගෙන ඉන්නේ තමන්ට හැර අනික් හැම දෙනාටම් පිස්සුය කියල.
ReplyDeleteමම හිතන්නෙත් එහෙමයි :)
Deleteමම ඊයේ මේක බලල කොමෙන්ට් එකක් දැම්ම වගේ මතකයි.. :)
ReplyDeleteයාත්‍රාගේ මෝඩ කම හින්දා ඉතිං මේ කමෙන්ට් ටික පබ්ලිස් කරන්න දන්නැතුව හිටියේ. ඉයන් තමයි උපදෙස් දුන්නේ. ගොඩක් ස්තුතී මිත්‍ර.
Deleteආදරෙන් පිළිගන්න ගමන්. යාත්‍රාව පදවන්න උපදෙස් අඩුපාඩු ගුරුහරුකම් නොමදව නොඅඩුව බලාපොරොත්තු වෙනවා කියලා කියනවා ඉස්සර වෙලාම.
ස්තුතී ගොඩක්ම
වෙනස්ම සිතුවිල්ලක්නෙ යාත්‍රා...මටත් පිස්සු නෑ කියල කීයන්න මිස්ට
ReplyDeleteරස්තිට පිස්සු නෑ කියලා මම කියන්න ඕන මහත මීසිටද අලුත් මිසීටද
Deleteඑහෙම නැත්නම් කෙට්ටු මීසිටද?
ස්තුතී රස්ති ගොඩක්
ලස්සනට ලියනවනේ.
ReplyDeleteස්තුතී මෙත්මා.
Deleteජිවිතේ යාත්‍රාවට ආදරෙන් ගොඩ කර ගන්නවා. ආයෙ ඉතිං මගින් බහින්න තහනම්. මාත් එක්ක දිගටම යාත්‍රාවේ යමු.
මිස්ට කියන්ඩමයි හිටියේ මිස්.....මිස් හරි ලස්සනට ලියලා තියනවා....මට හිතුනා මට කුන්දන් වෙනද තිබුනනං කොච්චර හොදද කියලා....අනේ මිස් මාව කුන්දන් ගේ තැනට දාන්ඩකො!!
ReplyDeleteහරිම ලස්සනයි යාත්‍රා ❤️
ReplyDeleteවෙනස් කතාවක්