මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Monday, March 2, 2020

අක්කර තිහේ නීටා

මත් වෙච්ච හැන්දෑවට
කට ගැස්ම හදන
දුම් දමන කරත්තය
මාර ගහ යට බදු ගත්ත
නමින් එහි අයිතිකාරිය
අක්කර තිහේ නීටාය

පොඩි පුතුගේ පියාඹන හීනය
දු දකින නිළි රැජිණි සිහිනය
නමින් සැමියා වෙච්චි රූපේගේ
ඇප මුදල් හා ගෙයි උකස් ණය
මැවී හැම විට පෙනේනවා ඇති
රත් වෙනා තෙල් තාච්චිය තුළ


සිහින්වට නැඟි කඳුළු බිංදුව
දා බිංදුවක් ලෙසින් සම කොට
පිටි අත්ල මත රදව ගත්තී
එහෙත් ඈ සිත නැඟුණු සුසුමට
වඩේ කර වී කළුව තිබුණි


බමන ඇස් වල ගිණි පුළිඟු රස්නෙට
ඇගේ වත කට ගැස්ම වෙනකොට
වඩේ කර වෙන තාච්චිය ලඟ
ඇගේ හදවත ගැස්ම වැඩි වුණේ
නිසාමයි ඉවසන්න බැරි එ ලිපේ රස්නය

No comments:

Post a Comment

FourTwentyAMThought

මේ කවියක් නෙවෙයි ආත්මය හිර කෙරූ වචනයි මෙය මම ලියන්නේ ඇත්තෙන්ම මගේ පලවෙනි පෙම්වතාටයි ("දයාබර ....." මම ආමන්ත්‍රණය ගන්නේ ඔහොමයි...