මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Wednesday, May 30, 2018

දෙවියනි,





දෙවියනි,

ප්‍රාර්ථනාවන්ට සවන් දෙන

දේවදුතයකු එවන්න,

දන්නවද? මට අවැසි

මේ කවිය ඈ දෙතොල් මත තබන්න



දෙවියනි, එපමණක් නොව,

මායා දැත් ඇති සුරදුතයකුද එවන්න,

ඇත්තමයි මට අවැසි

සිහිනයක් ඈ දෙඇස අලවන්න



දෙවියනි,

ඔබ යදින මොහොතකදී පවසන්න

ආදරය ඇත්තේ ඈ තුළද, ඒ හදවතද,

දෙවියනි,

මට දිශාව පෙන්වන්න

වහ වහා ඒ ආත්මයේ සැතපෙන්න



දෙවියනි,

ඔබට කිනම් පඩුරක් අවැසිදැයි පවසන්න

හදවතේ ලිපිනය සමඟ

මේ කවිය ඈ වෙතට ගෙන යන්න



මොහොතක් සන්සුන්ව හිදින්න


දෙවියනි,

මේ යාඥාවට පසුත් එලෙස නොපවසන්න.

හදවත සුවඳ විලවුන් ඈ මුවඟ නොගැවී

දසත දස අත  විසිර යන හැටි

අඩවන්ව නොඉඳ දෙනෙත් හැර බලන්න

4 comments:

  1. හදවත් දෙකක් සැනහෙන සෙනෙහස පිරුව
    කවදත් ඔබේ ලග ඉන්නට පින් කෙරුව
    හැකිමුත් උදව් නොකරමි ඇය දන්නැතුව
    දැන්වත් දෙදෙනගේ නම කියහන් දරුව.....

    ---දෙවියා----

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතී දූමී
      කවිය අපුරුයි
      දැනුයි මතක් උනේ දෙවියෝ නම් දන්නැ නේ කියලා

      Delete
  2. මයා දැත් ඇති සුරදුතයකුද එවන්න, මේකේ තේරුම මොකක්ද?

    ReplyDelete
    Replies
    1. මයා නෙවෙයි මායා දෑත් කියලයි කයන්න ඕන අනේ. මගේවැරුද්ද එතන මයා කියලා ලියවිලා. මම ඒක හරිගස්සන්නම් .
      ගොඩක්ම ස්තුතී ඔබට

      Delete

C ට ආදරෙන්

  ආදරණීය C, මේ වෙන්වීම මට දැනුනේ අපෙන් අපව තවත් දුරස් කරවන හැඟිමක්, ඔබව - මට වසර ගණනාවකින් හමුවෙලා නැහැ, ඔබ - මම වසර ගණනාවකින් කතාබහ කරලා නැ...