මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Sunday, March 10, 2019

ඉන්න නැවතී ටිකක්

හීන විසි කර කොහේ යන්නේද
ඉන්න නුඹ නැවතී මදක්


ඔබේ එක පියවරක්
මත මගේ පියවරක්
තබා එමි පසු පසම
ඉන්න නැවතී ටිකක්


ඔබේ හුස්මක එති
හදවතට කිමිදෙමි
හදේ ගැඹුරුම තැනක
මියෙන තුරු නවතිමි


නුඹ දකින මිරිගුවත්
මට සොඳුරු කෙම් බිමක්
අවැසි හිස තියන්නට
ඔබේ එක උරහිසක්


මා අහස තරම් දුර
එපා යළි කියන්නට
අර ක්ෂිතිජ ඉම උවත්
දෑස් මත සෑබැවක්


නුඹේ හද දෙහද වී
මා අතැර ගියදාක
හීන මම විසි කරමි
නුඹේ පය පාමුලට


එතෙක් මා ප්‍රිය සබඳ
ඉසින්නම් මා නුඹට
දෙනෙත් බැල්මෙන්
සෙත් කවක දිය දහර


හීන විසි කර කොහේ යන්නේද
ඉන්න නුඹ නැවතී මදක්



2 comments:

C ට ආදරෙන්

  ආදරණීය C, මේ වෙන්වීම මට දැනුනේ අපෙන් අපව තවත් දුරස් කරවන හැඟිමක්, ඔබව - මට වසර ගණනාවකින් හමුවෙලා නැහැ, ඔබ - මම වසර ගණනාවකින් කතාබහ කරලා නැ...