මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Tuesday, November 28, 2017

හෙට ඇවිත් පවසන්න

ඉර ඈත සැඟව යන්නේ
ක්ෂිතිජයත් පසුකරම විය යුතු ය.



හෙට ඇවිත් පවසන්න,
ඒ ගගන සිප ගන්න විට
මේ සයුර නිසලවම උන්නා ද
නැතොත් සයුර හද නැගුන
සුසූම් සුළි දුටුවා ද



බිදෙන මේ රළ පෙළ
අතුල් පහරකි වෙරළ කිව්වට  
මට හිතෙන්නේම දියඹ සිට  
අරන් එන්නේම ආදරේ වග



ඒ නිසාමනේ
වෙරළ මා තැබු සලකුණක්
එසැණවිත් මකා දැම්මේ රළත්,

ඉර ඈත සැගව යන්නේ,
මේ සයුර, එ් ගගන සිප ගන්න තැන පසු කරද
හෙට ඇවිත් පවසන්න,
මටත් වෙරළෙන් සමු ගන්න..

7 comments:

  1. යාත්‍රා කෝ අර ලූ ගමේ ලූ කතා

    ReplyDelete
    Replies
    1. මම කම්මැලි එකෙත් හොඳම එක
      ඉතිං මට කෝ වේලාවක් අප්පා

      Delete
  2. "ඉර ඈත සැගව යන්නේ,
    මේ සයුර, එ් ගගන සිප ගන්න තැන පසු කරද
    හෙට ඇවිත් පවසන්න,
    මටත් වෙරළෙන් සමු ගන්න"

    මේ කොටස හරිම සංවේදීව දැනුනා. මටත් හිතෙනවා ලියන්න....

    ReplyDelete
    Replies
    1. නැවතිලා
      මං උන්නු
      මං කඩේක
      කෙකටියා
      යායට
      පැළ වෙලා.....
      ඒ මතින්
      සීරුවට
      පැණි කුරුල්ලෝ
      නුඹ
      තාලයට
      අඩි ආයේ
      තියනවා
      නිදිවරු මං
      නැතත්
      සේපාලිකා
      නුඹේ
      තනියට ඉන්නවා
      නුඹේ නමින් ගිළිහෙන
      බිම වැටී
      පෙති බිඳුණු
      සේපාලිකා
      එකින් එක
      මම ගණිනවා
      හමු උනත්
      ආයෙමත්
      උණුහුම්ම
      ඔබේ
      හිරු එලියට
      පිටුපා
      කණමැදිරියකු
      වී
      ඉතිං
      නික්මෙනවා

      Delete

C ට ආදරෙන්

  ආදරණීය C, මේ වෙන්වීම මට දැනුනේ අපෙන් අපව තවත් දුරස් කරවන හැඟිමක්, ඔබව - මට වසර ගණනාවකින් හමුවෙලා නැහැ, ඔබ - මම වසර ගණනාවකින් කතාබහ කරලා නැ...