මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Sunday, March 25, 2018

ආදරය කියන්නේ?






ආදරය කියන්නේ
මෙවැනි වු දෙයකට...

දනන් දහසක් අතර
ඔබේ රුවම පෙනීමය.
වදන් සහසක් අතර
ඔබේ හඬම ඇසීමය.

ප්‍රේමයැයි කියන්නේ
මෙවැනි වු දෙයකට...

සවන් මත කොඳුරනා
හඬ ඇසෙන දුරක වීමය.
ලවන් මත උණුහුමට
හුස්ම තවරන ළඟක වීමය.

එත් ; නුඹහට,
ආදරය කියන්නේ...
හිමි විම නොව අහිමි විමය.
ප්‍රේමයැයි කියන්නේ
නොවැළපි අතැර නොනැවති යාමය.



14 comments:

  1. කෝ ඔයා එෆ්බී එකෙත් නෑනේ... මම මතක් කර කර හිටියා කොහේ ගිහින්ද කියල

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් සඳු ඒ පැත්තේ නම් මාව හොයා ගන්න ටිකක් අමාරුයි ඉතිං. මේ දවස් වල ටිකක් වැඩ අඩුයි ඒ නිසා බ්ලොග් එකට නම් ආව ඇවිත් යන්න.

      Delete
  2. ඒ වුණත් ඔහොම නොකියම අතුරුදහන් වෙන එත හරි ද??

    ReplyDelete
    Replies
    1. ඒ විදිහට අතුරුදහන් වෙන එකත් එක විදිහක කලාවක් නේහ්. ඒක විදින්නම ඕන දෙයක්

      Delete
    2. විදින දේවල් වෙන්න ඇති නේද මේ කියන්නෙ????

      පලි - බස් එකේ දැක්කෙ නෑ කාලකෙින් දැන් එ පැත්තෙන් යන්නෙ නැද්ද?

      Delete
    3. එහෙමමයි කියන්නත් බෑ. එහෙමයි කියලා නැමයි කියන්නත් බෑ.

      පලි - මරදාන පැත්තේන් ඔපිස් ට්‍රාන්ස්පොට් එකට නගින්නේ දැන්...

      Delete
    4. එහෙමයි කියල මන් හිතාගන්නම්කො......

      පලි - එක තමා ඒහෙනන් අතුරුදහන් වුණේ

      Delete
  3. ලස්සන යි යාත්‍රා

    ReplyDelete
  4. ආදරය කියන්නේ
    මෙවැනි වු දෙයකට...

    දනන් දහසක් අතර
    ඔබේ රුවම පෙනීමය.
    වදන් සහසක් අතර
    ඔබේ හඬම ඇසීමය.

    ++++++++++++++++ samporrna aththa

    ReplyDelete
    Replies
    1. ආදරය විදපු අය ඒ විදිහට කියනවානම් ඒක ඉතිං සම්පුර්න ඇත්ත වෙන්නම ඕන නේ

      Delete

C ට ආදරෙන්

  ආදරණීය C, මේ වෙන්වීම මට දැනුනේ අපෙන් අපව තවත් දුරස් කරවන හැඟිමක්, ඔබව - මට වසර ගණනාවකින් හමුවෙලා නැහැ, ඔබ - මම වසර ගණනාවකින් කතාබහ කරලා නැ...