මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Monday, February 25, 2019

දා හතර රිවිෂන්

රතු පාට ගවුමක් අඳිනවද?
එහෙම නැත්නම් පුරුදු විදිහට,
කළු ඩෙනිම ඇදන් යනවද?

ලිප්ටික් ගලා මේකප් එකක් දානවද?

ඔන්න ඔහේ පුරුදු විදිහට,
පවුඩර් විතරක් දාගෙන යනවද?

කොණ්ඩේ කර්ල් කරනවද? ස්ට්‍රේට් හොඳද?
අනේ මන්දා පුරුදු විදිහට,
පෝනියම දාන් යනවද? 


මාල නම් ඕන නෑ.
එ්ත් දිග කරබු ජෝඩුවක් කමක් නෑ.
තියෙන එක, ගවුමට ගැලපෙයිද මන්දා


තිළිණ පතක කවියක් ලියනවද?
තෑග්ගට පුංචි හාදුවක් දෙනවද?
මොකුත් නැතුවට කැමති විදිහට
ඇස් වලට ආදරේ පුරවන් යනවද? 


"ළමයෝ අපි එදාට
රූම් එහෙකට යමුද?
බබා එහෙම නැත්නම්
අපි ෆිල්ම් එකක් බලමුද? 


අනේ දාහක් දේවල් හිතන්න තියෙද්දී මට
ඔයා හිතන්නේ ඔච්චරමද සුදු මහත්තයා 


" අනේ අර පුරුදු බංකුව
ඇයි ඒකට මොකක් වෙනවද?
වැලන්ටයින් කියලා එතෙන්ට
මහා සෙනගක් එනවද?
අනේ ආවත් මොකද?
උන් අපේ ඇඟට ගොඩ වෙනවද?
හෝටල් වලින් කන්නේ මොකටද?
බත් එකක් අරන් එනවනේ මම,
දා හතර රිවිෂන් එහෙමයි කිව්වේ මම අම්මට"



2 comments:

  1. අපොයි වැලන්ටයින් සාමිතුමා දන්නවනං

    ReplyDelete
  2. හ්ම්ම්... ඕක තමයි වෙන්නෙ ඉතිං. ඔහොම අදි මදි කරන කෙල්ලොත් දැන් අඩුයි මයෙ හිතේ...

    ReplyDelete

ඔබේ පැමිණීම

  "මනුස්සයෙක් මැරෙන්න තීරණේ කරාම කොයි වගේද?" මම ප්‍රතිභාගෙන් එහෙම ඇහුවේ එයා නකුටු බල්ලෙක්ගේ බෙල්ල අත ගගා ඌව හුරතල් කර කර ඉද්දී. මේ...