මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Thursday, July 4, 2019

30+ Says

දවස, දවස ගෙවෙද්දී ‍සතිය, සතිය ගෙවෙද්දි නිකම්ම මාස, අවුරුදු බවට පත් වෙලා ගෙවිලා යනවානේ. හැබැයි ඉතිං නිකම්ම නෙවෙයි ගෙවිලා යන්නේ, ඔය අතර අපිත් අවුරුද්ද අවුරුද්ද වයසට යනවා. 

හා නැද්ද? 

ආ නැත්තේ මොකද? අපි වයසට යනවා තමයි.
හැබැයි ඉතිං අපි කවුරුවත් කැමති නෑ එහෙම වයසට යනවා කියලා හිතන්න වගේම අගවන්නවත්. 

හා නැද්ද?
අනිත් අය නම් මන්දා ඉතිං මේ යාත්‍රා නම් තඹේකට කැමති නෑ හිතන්න යාත්‍රා දැන් හෙන වයසයි කියලා. 

ඒ කිව්වට මොකද ඉතිං යාත්‍රාටත් දැන් දන්තිනේම නැතුව තිහක් හමාරක් වෙලා නොවැ.

එක දෙක එක දෙක ඉහ කෙස් එහෙම පැහිගෙන, ඉදීගෙන, එන්න පටන් අරන් නොවැ තියෙන්නේ.

අර කිව්වත් වගේම ඉතිං එහෙම උනැයි කියලා අපි කැමතියැ අපි වයසයි කියන්න. නැද්ද හැබැටම හා.

යාත්‍රා විතරක් නෙවෙයි ඉතිං යාත්‍රාටයි කියලා ඉන්න එකම බාල නැගණියත් එහෙම තමයි.

ඔං ඉතිං දැන් ඔහේලටත් බලන්න පුළුවන් ඉතිං ඉහ පැනගෙන එද්දී එක දෙක ඉදෙන පැහෙන කෙස් ගස් දැක්කාම අපි හිත සනසගන්නේ කෙ‍ාහොමෙයි කියලා.

ඊට කළින් කියන්න එපැයි. මේ කොමික් අදින්නේ යාත්‍රාගේ නංගි නොවැ.
ඔව් ඔව් බාල නංගී තමයි. නංගිලා කියලා එච්චරයි නොවැ ඉන්නේ.
තව තව ඉස්සරහට එයැයි ගැනත් එයැයිගේ කොමික් විස්තරත් අරගෙන එන්ට තමයි බලාපොරොත්තුව.
(හා හා ඉතිං සද්දේට හුවක් දෙන්න.... සප් එකට අප්පුඩියකුත් එහෙම ගැහුවට කාරි නෑ. හරිය. කෝ කෝ සද්දේ මදි..... කමෙන්ට් වරුසාවක් දාගෙන යන්ට ඕනෑ පිටිපස්සේ මල්ලිලා .. නංගිලා) 
වරහන් වහලා ඉතුරු විස්තර ටික කියන්නම්කෝ.

එහෙමයි කිව්වට වැඩි විස්තරයක් නෑ ඉතිං. 
පස්සට තමයි ඒ විස්තර කියන්න බලාපොරොත්තුව ඔන්න.

කොමික් එක හැදුනේ කොහොමද කියලා බලාගෙනම බලාගෙනම පහළට යන්නකෝ.

ඔන්න අන්තිමේදී තිහ පැනපු අයියලා අක්කලාගේ උදාන ගීතිකා ඛණ්ඩය දැක බලා ගන්ට බැරියැ ඔහේලට.













I have wisdom highlights.


8 comments:

  1. ගත වයසට ගියාට හිත වයසට යන්නෙ නෑනෙ. හිතෙන් තවම ජීවත් වෙන්නෙ අවුරුදු විසි ගණන්වල. රූපෙ ලස්සනයි හරි. ලස්සන නිර්මාණයක්.

    ReplyDelete
  2. හූ............හූ............
    කිව්වත් වගේ මගෙත් ඔලුව මැද තියෙනවනෙ පොල් ගහක් වගේ කෙලින් වෙච්ච සුදු කෙස් ගහක්.

    ReplyDelete
  3. Replies
    1. එහෙම කියන කෙනත් නාකි නෙහ් ඉතිං

      Delete

C ට ආදරෙන්

  ආදරණීය C, මේ වෙන්වීම මට දැනුනේ අපෙන් අපව තවත් දුරස් කරවන හැඟිමක්, ඔබව - මට වසර ගණනාවකින් හමුවෙලා නැහැ, ඔබ - මම වසර ගණනාවකින් කතාබහ කරලා නැ...