මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Wednesday, May 31, 2017

ඔපීසීයේ කතා 3


පීසීයේ වෙච්ච කතායි වෙන කතායි ලියන්න ගත්තා නේ ඔන්න. ඉතිං පළවෙනියටම ලියපු කතාව බලපු අයනම් දන්නවානේ ඉතිං ඔපීසීයේ කී බිසවයි, මයික් ඛන්නා මහත්තයයි, වන්දන මහත්තයා ගැනයි. ඔන්න නොදන්න අය දැන ගන්නත් එක්කම ඔපීසීයේ කතා එක කියවන්නකෝ.

ඊටත් පස්සේ ඉතින් බක්මහට ආපු අලුත් අවුරුද්ද අපේ ඔපීසීයේ අය සමරපු හැටි දැන කියා ගන්න බලන්නකෝ ඔපීසීයේ කතා දෙක

ඔය දෙකම බලපු අය එක සිතින් ඔපීසීයේ කතා 3 බලන්න. 

දැන් ඔය කිව්වත් වගේ කී බිසවයි, යාත්‍රා වෙච්චි මමයි, ඔය කියපු වන්දන මහත්තයයි එකට එක්කාසු වෙලා බලු කතා කියද්දී තව පැත්තක පුංචි පහේ පුස් පාට් එකකුත් යනවාය. ඔය පුස් පාට් එකට නම් යාත්‍රා කිසිම සම්බන්ධයක් නැ ඔන්න. ඒවුනැයි කියලා අර පාට් මේ පාට් බොරු පාට් ඔක්කෝම ටික යාත්‍රාට පුළුවනි. දැන් ඔය පුස් පාට් දමන්නේ ඔපීසීයේ කෙළවරේම කොනේ ඉන්න නෝනාය. ඒ නෝනා ගැන කෙටියෙන්ම කියනවා නම් මෙන්න මෙහෙමයිනෝනට පුසෙක් ඇත. පුසාගේ නම නාදන්ය. නාදන් යනු පුසෙකි. නාදන්ගේ නෝනා ඔපීස් එයි. ඒකත් උදෙන්මය. නාදන්ගේ නෝනාගේ පළවෙනිම රාජකාරිය ඒ.සී.එක ඔන් කිරීමය. නාදන්ගේ නෝනා ගිය ආත්මේ එක්කෝ එක්සිමො කෙනෙකි එහෙමත් නැත්නම් ලාප්ලන්තවරියකි. කෙහොම උනත් ඔය මොකෙකුම හරි වෙන්නට නම් ඕනෑමය. නාදන්ගේ නෝනා මුළු ඔපීසීයම අයිස්ලන්තයක් කරයි. අප වැඩ කරන්නේ සට සට ගා ගැහෙන වෙව්ලන සීතලේය. ඔන්න ඔය වේලාවට තමයි යාත්‍රාට රාජ්‍ය සේවය එපා වෙන්නේම. ඇත්තෙන්ම එය පුදුම තරමේ කටුක අත්දැකිමකී. 

නාදන්ගේ නෝනා ළඟම වම් පැත්තේ ඉන්න නෝනා ගැන නම් නෝකියාම බැරිය. නෝනා ඔපීස් එන්නේ ආමී කාර් එකෙනි. යන්නේද ආමි කාර් එකෙනි. නෝනාගේ මහත්තයා ආමි ලොක්කෙකි. හොඳම දේ ඒ ලොකු කම් නෝනා ලඟ නැති එකය. ඒ වුනාට කට වැඩිය. ඕනැම කෙනෙකුට ඕනැම එකක් කියන්නට නෝනා දක්සය. නෝනාගේ නම පූන්තොට්ටම් නෝනාය. නමේ හැටියටම නෝනාට පූ වත්තකි. පූන්තොට්ටම් නෝනාගේ කට වගේම පූ කඩන්නත් දක්ෂය. හැබැයි ඉතිං නෝනා මේක දැක්කොත් යාත්‍රා තවදුරටත් බත් කෑම ගැන බලාපොරොත්තු තබා ගැනීම හොඳ නැතිය. කෙසේ වෙතත් පූන්තොට්ටම් නෝනා ගැන පොඩි පහේ ඉරිසියාවක් යාත්‍රාට නැතුව නොවෙයි. වෙන මක්කවත් හින්දා නෙවෙයි පූන්තොට්ටම් නෝනාගේ ඉඟ සුඟ ගත හැක මිටිනය. ඉතිං යාත්‍රාට දකින දකින වාරයක් පසා බුර බුරා නැගෙන ඉරිසියාවය. මේ නෝනලාගේ බොඩි මේන්ටෙන්ස් කිරිල්ල කොරන්නට යාත්‍රාට නම් බැරිය. 

ඔය නාදන්ගේ නෝනාට සමීප තවත් බිය+ලනී නම් නෝනා කෙනෙකි. ඒ නෝනාටද ඔය කියන පුසෙක් ද වෙයි. නෝනලා ගජ මිතුරු පුසන් නිසාවෙනි. පුසා චුටී උනාට බිය+ලනී නෝනා නම් චුටී නැත. නෝනා ගේ කටත් එසේමය. වේලාවකට බසවක්කුලමේ සොරොව්ව ඇරියා වගේය.පුසන්ගේ කතා වලට නාදන්ගේ නෝනත් , බිය+ලනී නෝනත් තකට තකය. 

කොහොම හරි අද බිය+ලනී  නෝනාට උභතෝකෝටික පුරස්නයකි. දවසින් දවස නෝනා තර වෙන එක දරා ගන්නට බැරිම තැන ඒ පුරස්නය අප අභිමුවේ තැබුවාය. බිය+ලනී නෝනාගේ පුරස්නයට විවිධාකාරයේ උපදෙස් දුන්න අපේ පූන්තොට්ටම් නෝනා බැරිම තැන ඔය පුරස්නය වන්දන මහත්තයාට යොමු කළාය. දැන මුත්තෙකුගෙන් ලැබෙන උපදෙස් ඉතා හොඳය. යාත්‍රා වෙච්ච මමත් දත කට මැද ගෙන උපදේසේ අහන්න කණ ඒ පැත්තට හැරෙව්වාය. මේ හිටියාට දැන් නම් යාත්‍රා මේ පොළවට සැහෙන්න ම බරකි. කිලෝ වලින්ම කිව්වොත් හැටයි තව පහකි. වන්දන මහත්තයා ගත් කටටම වඩු මඩුවකට යමන් කිවේය. පල යන්න වන්දනයා හිතට ආපු වචන යාත්‍රා එහෙමම කටේ තද කොර ගත්තාය. වැඩි හිටි යන්ට ගරු කර යුතුය. මොකද වන්දන මහත්තයා යාත්‍රා වගේ තුන් හතර ගුණේකින් වයසින් වැඩිය. යාත්‍රාගේ වැඩි බර මිසක්ක වයස එහෙම නෙවෙයි ඕන්න. 
 
 ඔපීසීය ගැන කියද්දී අපේ ලොක්කී ගැන නොකියාම බැරිය. කොයි ඔපීසීයක උනත් ලොක්කෝ සහ ලොක්කීයෝ ඇත. රජයේ ඔපීසී වෙච්ච මෙව්වැයෙත් ලොක්කෝ ලොක්කීයෝ හුඟක් ඇත. වෙලාවකට ලොක්කෝ සහ ලොක්කීයෝ අපේ ඇඟට ගොඩ වෙයි. තවත් වේලාවකට අපි ලොක්කෝ ලොක්කීයන්ගේ ඇගට ගොඩ වෙමු. හැබැයි ඉතිං ඒ ලොක්කෝ ලොක්කීයෝ නැති තැනය. ඒ තියා ලොක්කේක්ට ලොක්කීයෙක්ට මුට්ටියක් අල්ලන නෝනෙක් මහත්තයෙක්  තියා එහෙමැයි  කියන හිතෙන කෙනෙක්ගේ හෙවනැල්ලක්වත් නැති තැන්වලදීය. කොහොම අනත් අපේ පොඩී ලොක්කී නම් හරියට කාලගුණේ වගේමය. වේලාවකට හොඳය. වේලාවකට නරකය. නරක වේලාව මොකක්ද හොඳ වේලාව මොකක්ද කියලා යාත්‍රාට නම් කවමදාවත් තේරුම් ගන්නට බැරිය.  පොඩි ලොක්කීට උඩින් තව ලොක්කීයෙක් ඇත. ඒ ලොකු ලොක්කීය. ලොකු ලොක්කීට වඩා පොඩී ලොක්කීගේ කට සැරය.ඒ හින්දා හැමෝම ලොකු ලොක්කිට කැමතිය. ලොකු ලොක්කි අහිංසකය. සමහර විට කනෙන් රිංගන්නට ලේසිය.

ලොක්කන් ගැන වැඩිය පැවසීම ඇගට ගුණ නැත. ඒ නිසා ලොක්කව් ගැන ඔය ඇතිය. අපේ නෝනලාට එක එක වර්ගයේ ප්‍රශ්න ඇත. සමහරක් ප්‍රශ්න යාත්‍රාට තේරේන්නේම නැත. ඒ වුනත් ඒ වෙලාවට තේරුණා වගේ ඉන්නවාය. නැත්නම් යාත්‍රා මේ වෙනකොට තබාගෙන ඇති නමට හොඳ නැතිය. 

කොහොම උනත් අපේ ඔපීසීයේ නෝනලා නම් පුදුම සහගතය. අරුමැසිය. එක දවසක  ලොවෙත් නැති පුදුමවල්ය. සමහරදාක යාත්‍රා ඔපීසීයට ඇතුලු වෙනකොට ඇමරිකාවේ එරියා 51 ඇතුල්වුවාදෝයි සැක සංකා හිත් ගැබේ පහළ වෙයි. ඒ සැක සංකා පහව යන්නේ ටික වේලාවකින් සුපුරුදු කටහඩවල් ඇහෙන්නට උනාට පස්සේය. නැත්නම් ඉතිං නෝනලාගේ මුණු මේ සම්මක්ජාතියකට අඳුනා ගන්නට නම් බැරිය. එක් පසෙක අර කීරීම් එක මුණේ ලා පැහැපත් වූ නෝනෙක්ය. අනෙක් පස ලව් ලී  ගා සුදු වුණ නෝනෙක්ය. තවත් පසෙක කළු කෙස් අතරින් සුදු කෙස් මතු වුණ නෝනෙක්ය. මේ පස කහ ගා කහ පැහැති වු නෝනෙක්ය. බැලු බැලු අත දකින නෝනලා විවිධාකාරය. විටෙක විකාරය. කොහෙම උනත් යාත්‍රා ඔය කොයි නෝනාටත් වඩා විවිධය : විකාරය.

යාත්‍රාගේ එකම පාර්තනය ඕපීසීයේ මේ කියු හා නොකියු කිසිම 
නෝනා කෙනෙකු මේය නොදකිවා යන්නයි. 
 



14 comments:

  1. ලව් ලී ගා එක නෝනෙක් සුදුමැලි වී නටයි
    පව් නෙ අනේ තව නෝනෙක් සුදු කොන්ඩෙට අඬයි
    අව් වට නොයන තව කෙනෙකුන් හීතලයම හොයයි
    ඔව් ඔව් යාත්‍රා ඉන්නෙත් මොන වගෙදැයි සැකයි.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. යාත්‍රා ගැන කියනවා නම් ඉතිං මේ වචන මදිය.
      කෙටියෙන්ම කිව්වොත් අහිංසක දෙමව්පියෝ දෙන්නෙක්ගේ දුප්පත් දරුවෙක්

      Delete
  2. යාත්‍රාගේ ලියවිල්ලත් නියමය

    ReplyDelete
  3. මේක දුටුවොත් ඔෆීසියේ නෝනලා ටික යාත්‍රාට සිද්දවෙන්නේ මුහුදු පත්ළටම යන්නටය.

    ReplyDelete
    Replies
    1. නෝනලාට කියවන්නට බැරි වෙන්නට අකුරු කුඩා කළාය. දැම්මේ පහළ නෝනලාටත් කියවන්න බැයිලු

      Delete
  4. යාත්‍රා නෝනේ.....අනේ මේ මේකේ ෆොන්ට් එක ලොකු කරන්නකෝ....මට පෙන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. ලොකු කලා අනේ එත් ඔච්චරයි ඔය තමයි ඉතිං අපේ නෝනලා මේවා දකින්නට හොද නැතිය ඒ නිසා කුඩාවට තිබුණාවේ

      Delete
  5. මේක කියවන්න ආවා මදිවට තව දෙකක් කියවලා වරෙන්ලු. ඒ මදිවට අකුරු වල පොඩි කෝමද යකූ මේක කියවන්නේ

    ReplyDelete
    Replies
    1. හැක්
      පොඩ්ඩක් ඔය නීල දැස වෙහෙසවන්න නෝනේ අර චෙක කියවන්න ඒවැයි අකුරු ලොකුයිනේ

      Delete
  6. තැනින් තැන මේ අකුරු හරිචූටියි. කියවන්න බෑ
    අතෑරල දැම්ම පුලුවන් නං ලොකු කරන්න

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ දැන් හරි, විවේක වේලාවක කියවලා අදහස් කියන්න

      Delete
  7. හනෙ ඔෆිස් එකේ එකෙක් බලපියවව්

    ReplyDelete
    Replies
    1. අපොයි එහෙම උනොත් ලියලා ඉවරයි ආයෙම

      Delete

C ට ආදරෙන්

  ආදරණීය C, මේ වෙන්වීම මට දැනුනේ අපෙන් අපව තවත් දුරස් කරවන හැඟිමක්, ඔබව - මට වසර ගණනාවකින් හමුවෙලා නැහැ, ඔබ - මම වසර ගණනාවකින් කතාබහ කරලා නැ...