මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Monday, August 14, 2017

පාඨක අදහස් 1° සුසූම් නාදුනන අප දෙදෙන

 උපේක්ෂා වැඩියෙන්ම ලියන්නේ කෙටි කවි.කවිය කෙටියි, නමුත් අරුත දිගයි;වෙරළු ඇටයක් වගේ හුඟ වෙලාවක් සුප්පු කරකර ඉන්න පුළුවන්; චුවිංගම් එකක් වගේ ඒ පැත්තට මේ පැත්තට දමදමා හපහපා ඉන්න පුළුවන්. මුලින් දැනෙන රසය නෙමේ ටිකකින් දැනෙන්නේ.ටිකකින් දැනුන රසය නෙමේ පසුව දැනෙන්නේ. 
එ්කයි උපේක්ෂාගේ කවිවල රහස; කොටයි, රසයි.

එහෙම කියන්නේ රසිකා ගුණවර්ධන සූසුම් නාඳුනන අප⁣ දෙනන කාව්‍ය කෘතියට පෙරවදන සපයමින්. පොත ලියනනේ උපේක්ෂා ප්‍රේමතිලක. 

ටී.එච් බැරට් කියන විචාරකයා හයිකු කවිය එක් තැනක Less is more වශයෙන් හඳුන්වනවා. මට උපේක්ෂාගේ කෙටි කවියත් බැරට්ගේ ඒ කුඩා අර්ථ දැක්වීමේ පොඟවන්න පුළුවන්. රසිකා කිව්වා වගේම 
කවිය කෙටියි. අරුත දිගයි. 



පාඨකයෙක්, රසවිදින්නෙක් විඳිහට මම උපේක්ෂාගේ කවි වලට අරුත් දෙන්න මේ සටහන ලියන්නෑ. මොකද රසිකයෙක් විදිහට මම දෙන දුර්වල අරුතින් සුසූම් නාඳුනන අප දෙනෙන අවධානමක වැටීමෙන් මම උපේක්ෂාව ගලවා ගත යුතු නිසා. ඒ වගේම මම විශ්වාස කරනවා උපේක්ෂා කවි ලියන්නට ඇත්තේ නිශ්ශබ්දව කියවීමට කියලා. ඒ වීශ්වාසයත් එක්ක මම නිහඬව කියවපු විදපු කවියක්.


       

ඒ හරියටම දහසය වෙනි පිටුව. අතක වයින් වීදුරුවක් නොමැතිව මත් වුණ මම පිටු කිහිපයක් ඉක්මණින් පෙරලන්න කැමති. ⁣ඇත්තටම මේ එහෙම වුණ හතර වෙනි වතාව. මම එයින් කියන්නෑ මම සූසුම් නාඳුනන අප දෙදෙන හතර වතාවක් කියවු බව. ඇත්තටම මම එහි සෑම කවියක්ම කියවුයේ එක් වතාවයි. ඒත් මේ කියන කවි දැනට හතරවතාවක් හෝ ඊට වැඩි වතාවක් කිය වු ඒවා. ඉතිං මම කවි කිහිපයක් මඟ හැර නවතින්නේ තිස් තුන් වෙනි පිටුවේ මගේ දකුණු අත පැත්තට බරව ලියවුණු මේ කවිය ළග.















     

එක පාරක්ම කියවපු ගමනින් මතක හිටිය උපේක්ෂාගේ කෙටි කවියක්, මම කවිය ඇත්තෙන්ම මෙහි ලියන්නේත් මතකයෙන්.

• නුපුරයක් පාර පනියි
හදවතේ මිණි සෙලවෙයි

මට කියන්න අවශ්‍ය ඇත්තටම එහි ඇත්තේ වචන හයක් පමණක් බවයි. ඒත් ඒ වචන හය මට පැය තුනකට වැඩි සිනමා පටියක් දක්වා දිගු සිතුවිලි පටියක්. සුසුම් නාඳුනන අප දෙදෙන කියවලා ඇති ඔබ හා කියවා නැති ඔබ මම දන්නැ හරියටම ඒත් ඔබ ආදරය කරන වචන හයක් වේවී එය. 


    
      



 වෙස් මුණ ඇතුළේ
හිටපු අපේ තාත්තා

බෝල වැතිරුණු ඇඳුම් අදින තාත්තෙක් විතරක් නෙමෙයි හැම තාත්තෙක්ම ඉන්නේ වෙස් මුණක් ඇතුළේ කියලා මම විශ්වාස කරනවා. ඒ තමයි තාත්තලා ආදරය හංගන වෙස් මුණ. මහන්සිය හංගන වෙස් මුණ. දහදිය හංගන වෙස් මුණ. ඒ විතරක් නෙවෙයි සැරයි, තදයි කියලා පෙන්නන වෙස් මුණ. ඒත් ඒ වෙස් මුණ දාගෙන ඉන්නෙත් වෙස් මුණ ගලවලා ඉන්නෙත් තාත්තා කියන මේ ලෝකේ සුන්දර ම මනුස්සයා කියලා හිතන හින්දා උපේක්ෂා හැට එක් වෙනි පිටුවේ ඒ අපේ තාත්තට...... මම හදවතින්ම ප්‍රේම කරනවා.

මේ ඊටම ලඟම තියෙන දිග කවි පොකුරේ කවියකින් කොටසක්.

• තැනිතලාවක ඉන්න 
උඹ දන්නෙ මොනවද කන්ද ගැන?
සීතලට උසට ඉන්න පුළුවන් කියලාද?
සීතල කියන්නේ කාස්ටකකමටමයි රමණි
අපේ ජිවිත වගේම


මම හදන්නේ මේ ලියවිල්ල ඉවර කරන්න. ඒත් ඊට කලින් පනස් තුන් වෙනි පිටුවේ ස්වාමිනි, කවිය මතක් උනා.



• ආදරේ ගැන තුන් හිතකවත්
තිබ්බේ නැ මට
වාඩිවෙනකම් මෙතන


මේ කවිය දිගයි. මේ සටහන ඉවර කළ යුතු නිසා සම්පුර්ණ කවිය මෙහි දැක්වීමට මගේ අදහසක් නැහැ. ඉතිං ඔබ එය කියවන්න. 

• ස්වාමිනී,

සම්පුර්ණ වැරදිකරු

මෙන්න මේ බංකුව
   
    

    
කවියක් කියන්නේ සහෘදයින් තුළ වින්දනයක් ඇති කළ ⁣යුතු දෙයක් කියලා මම විශ්වාස කරනවා. එ් වින්දනය අතරින් මගේ භාවයන් මැන එක් තැන් කළ කවියක්.

• පිරිමැද කැලලි පහනක
අලුත් කැලලක් දෙයි පහන්තිර

කෙටි කවි හා දිගු කවි පොකුරු හතලිස් අටකින් සුසුම් නාදුනන අප දෙනන තුළින් සහෘද සිතකට ලබා දෙන ප්‍රහර්ෂය ලබා දෙන්න මේ වචන සමත් නොවන බව මම දන්නවා. ඒත් ඔබ සුසුම් නාඳුනන අප දෙදෙන කියවාවී මොකද උපේක්ෂා විසි හත්වෙනි පිටුවේ ලියා තබන කවිය වගේම

• සුසුම් දෙක තුනක දුර
නාඳුනන අප අතර


කවියක හැඩය ජිවිත විවරණය කිරීම යැයි සිතන පාඨිකාවක් වන මට ජිවිත වලින් බැහැර අජීවි වස්තුන් ද එකතු කරගෙන කහ පැහැති කොළ වල ලියවුණ මේ කළු පාට කෙටි හා දිගු කවි අකුරු අළු පැහැති කවරයක දමා සුසූම් නාඳුනන අප දෙදෙන ලෙසින් අතට පත් කිරීම ගැන උපේක්ෂා ඔබට ස්තුතී. 

12 comments:

  1. මටත් හයිකු ඉගන ගන්න ආසාවක් ආවා

    ReplyDelete
    Replies
    1. අගය කරනවා උත්සහ කරමු මමත් ආසයි

      Delete
  2. සකුරා වසරකට වරක් එන විට
    ෆුජි පැරණි බැල්මෙන්ම තවම

    පොතේ තිබුණ කෙටි කවි වලින් කැමතිම එකක්!

    ReplyDelete
  3. බුක් ෆෙයා එකේදී අනිවා ගන්න ඉන්න කවි පොතක්... ඔයාගෙ මේ අදහස් නියමයි.. රහයි... මේක කියෙව්වව වැරදිලාවත් මේ පොත මඟ හරින්න හිතෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තුතී සඳු
      බුක් ෆෙයා එන දවසට කියන්න අපිත් යන්න හිතන් ඉන්නවා

      Delete
  4. ඔව් ඉතින් අපිට ඕවයේ යන්න උනේ නැහැ නේ..මෙහෙම හරි බලමු

    ReplyDelete
    Replies
    1. එකනේ ඉතිං ආවනම් මට ඔයාව බලා ගන්න තිබ්බා

      Delete

C ට ආදරෙන්

  ආදරණීය C, මේ වෙන්වීම මට දැනුනේ අපෙන් අපව තවත් දුරස් කරවන හැඟිමක්, ඔබව - මට වසර ගණනාවකින් හමුවෙලා නැහැ, ඔබ - මම වසර ගණනාවකින් කතාබහ කරලා නැ...