මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Sunday, May 27, 2018

කාලි

"කාලි"


උඹේ ඔය මුදු මන්දහාස බැල්ම, 

පෙනී නොපෙනෙන අයුරු දිගැටි ඇහි පිය පියවිල්ල, 

කතාවක අතරතුර කෙහෙරැලිත් අවුස්සා ලතාවට හිස සෙලවිල්ල,

ජප කරන මන්තරයක් වගේ උඹේ ඔය කියවිල්ල, තෙත බරිත දවස්වල ආදරේයැයි මිමීණිල්ල, "මහන්සියී" උර හිසක හිස තියන හීන් වු කෙඳිරිල්ල, 

කාලි, මේ තමයි සමහර හේතුකාරක,
"ඇයි මෙච්චරම" උඹ අහන කොට දෙන්න තිබුණ උත්තර. 




පොතක පිටු අතර ඇස් ගිලෙද්දී, " පොත නෙවෙයි මගේ දිහා බලපන්" උඹේ ඔය රැවිල්ල, 

රණ්ඩුවක අතර තුර " මගේ විතරයි" යැයි කියන මතක තබන්නට කරන හැපිල්ල,

ලොවම එපා වුණ වේදනා පිරි දවස් වල හිසතගා උඹ කරපු ඒ නැලවිල්ල,

කාලි, දන්නවද? උඹ තමයි මට තිබුණ එකම එක සැනසිල්ල,

කාලි, මේ තමයි සමහර අමතකම නොවන මතක, "අමතක වෙයිද" උඹ අහන කොට හිතේ කොටා ගත් පිහිතල පාර,



විරාම ලකුණු රැසකට පස්සේ උඹ තැබු නොමැකෙන ලකුණක් වුණා කාලි, අපතර මෙන්න මේ නැවතිල්ල, 

අදෝ‍නාවක් නෙවෙයි ජිවිතය, හිනැහුන දවස් තිබුණා කාලි උඹ එක්ක, ඒ හැම තත්පරයකටම වන්දි ගෙවන්නට අහන් ඉදපන් මේ වැලපිල්ල, 

උණුසුම්ම හාදුවක් සිහිව තිගැස්සෙන කොට අදත්, මම හිතන්නේම කවදාක සිදුවේයිද මේ හෘද ස්පන්දන නැවතිල්ල,

මටත් උඹටත් අමතක වු තවත් තැන් ඇති කාලි, මේ තමයි මම උඹට ලියන අන්තිමම පැමිණිල්ල, 

කාලි, මේ තමයි දිනපොතක ලියැවෙන සමහර කටුසටහන්. " මම ගැන ලියන්න"උඹ කියනකොට ලියන්න නොහිතුන හුඟාක් කඩතොලු වෙච්ච වචන.

9 comments:

  1. මේ ආකෘතියට මම කැමතී.
    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුති දුමී...

      මම පොඩි අත්හදා බැලිමකට ලිව්වේ ඒක අවුලක් නෑ ේද?

      Delete
  2. ඇත්තමයි යාත්‍රා..... මරු.... සුපිරි.... වෙන මොනවද ඉතින්

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතී සඳු❤️

      තව කිව්වා නම් හිතට සතුටුයි දන්නවානේ ඉතිං 😉

      Delete

C ට ආදරෙන්

  ආදරණීය C, මේ වෙන්වීම මට දැනුනේ අපෙන් අපව තවත් දුරස් කරවන හැඟිමක්, ඔබව - මට වසර ගණනාවකින් හමුවෙලා නැහැ, ඔබ - මම වසර ගණනාවකින් කතාබහ කරලා නැ...