එදින
සිහින වලින් ඇහැ ඇරුණා පමණි. යළිත් සිහින දකින්නට සුවැති වු නින්දවල් අහිමි කරමින්
කොළඹ පිපිරුම් හඬින් කම්පිතව ගිය වගට තොරුතුරු ලැබෙන්නට විය. අප පශ්චත්තාපය කැටි කොට ගත් තත්පර, විනාඩි, හා දින
ගෙවමින් සිටියෙමු. සියල්ල වු අකාරය සොවින් වැළපෙමින් අසා සිටියෙමු. කඳුළු තුළ ගිලෙමින් සිටියවුන් සමඟ අපත් කඳුළු
වැගිරුවන් වෙමු. සුසුම් සඟවාගත්තන් වෙමු. ක්‍රෝධයත්, වෛරයත් පසෙකලා සංසුන්ව
සිටින්නට හෘදයට අණ දුන්නේ වෙමු. අප තව තවත් අසරණබවට පත්ව ඇති වග දැනෙන්නට පටන් ගත්
මොහොතේ පටන්, පාලකයන්ට වෛර කරන්නට විමු.
පාලකයන්
අප කෙළි බඩු යැයි සිතාගත් වනම අප හා මහා කෙළියක යෙදි සිටින්නේය. අපත් සිඟිති කුඩා
දරුවන් මෙන් ඔවුන්ගේ බසට සවන් දෙමින්, බාල ගිරිය අද නොවේ හෙටයි කියා සැනසෙන්නේය. එහෙත්
ඒ හෙට නම් වු දවස කෙදිනක හෝ අදා නොවන වග අප ට වඩහා ගත නොහැකි වන්නේ මන්දැයි අපි
අපිම නොදන්නෙමු.
ගත
වු දවස් වල අඳුරු පැහැයන් ගිලිහෙමින් පැවතියද එම අඳුරු පැහැයන් අප වෙත ලඟා කෙරු
තත්පර සියල්ලම මෙසේ විසඳි ගියා නම් යැයි හදවත ගෙවෙන ගෙවෙන හැම තත්පරයකම කරන
මිමිණිල්ලක් වෙයි.
මිනිසුනි, ස්වර්ගය නම් මිහිමත, ප්‍රේමය අතින් ගෙන ඔබ ඇවිද ගියා නම්,
ප්‍රේමය අතින් ගෙන ඔබ ඇවිද ගියා නම් |
දෙවියන් ආදරයෙන්
වැළඳ ගැනීම සඳහා දෙඅත් ලබා දුන්නේය.
දෙවියන් ආදරයෙන්
පුරවාලීම සඳහා හදවත ලබා දුන්නේය.
එවන් දෙඅත් හා හදවත්
ඇති මිනිසුන් සුපිරි විරයන් වු ලොවක
සියලු මිනිසුන්ම එසේ
වී නම්,
මිනිසුනි,
ඔබත් මේ මාවතට එන්න.
එහි පිපෙන මල්
සුවඳදැයි බලන්න.
දෙවියන් ආදරයෙන් වැළඳ ගැනීම සඳහා දෙඅත් ලබා දුන්නේය. දෙවියන් ආදරයෙන් පුරවාලීම සඳහා හදවත ලබා දුන්නේය. |
දෙවියන් මිනිසුන් නිර්මාණය කළහ. මිනිසුන් විරයන්
බිහි කළහ.
විරයන් හදවත් තුළ අමරණිය වුහ.
අමරණිය වු මිනිසුන් අත ජයග්‍රහණයේ සලකුණු විය.
ඔවුන් ජිවත් වෙමින් සැමරීම් සිදු කළහ.
දෙවියන් විරයින් තනන මඟ එලෙස කියා දී තිබිණ.
ලේ තැවරුණු දෑතක ජයග්‍රහණයේ උදම් රේඛා නැත.
ජයග්‍රහණයේ සැමරීම් වල වැළපීම් නැත.
මිනිසුනි,
සතුටු සැමරුම් තුළ පමණක් දෙවියන් දකින්න.
ලේ තැවරුණු දෑතක ජයග්‍රහණයේ උදම් රේඛා නැත.
ජයග්‍රහණයේ සැමරීම් වල වැළපීම් නැත |
******
ReplyDeleteAththamai oka therum gaththa nm minissunta mehema wenne naa
ReplyDelete😘
ReplyDelete+++++++++ yathraa
ReplyDeleteඉතිහාසය දිහා බලමු. ඝාතකයන්ට සාප කරන්නන් මිස ප්‍රශංසා කරන්නවුන් ඉන්නවාද?
ReplyDelete