මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Saturday, February 8, 2020

සුළඟ අතින් ගෙන වැස්ස මැවු දෙවියා (The Boy Who Harnessed the Wind )


1987 අගෝස්තු පස් වෙනිදා මලාවි රාජ්‍ය කසුන්ගු  කියන ගම් පලාතේ විලියම් කම්ක්වම්බා ඉපදෙන්නේ පවුලේ දෙවෙනි දරුවා විදිහට. අද වන විට නව නිපැයුම් කරුවකු සහ ගත්කතුවරයකු වන විලියම් මලාවි හි අධ්‍යාපනයෙන් පසුව ඇමරිකා එක්සත් ජනපද විශ්ව විද්‍යාලයක උපාධිධාරියෙක්ද වනවා. විලියම් කම්ක්වම්බා  ඇසුරෙන් The Boy Who Harnessed the Wind නමින් චිත්‍රපටියක් නිෂ්පාදනය වනවා. මලාවි වැනි තුන්වන ලෝකයේ රටක උපන් කොල්ලෙක් පාදක කරගෙන සිනමා පටයක් නිර්මාණය කරන්නට තරම් හේතුවක් තියෙන්න පුළුවන්ද?
විලියම් කම්ක්වම්බා (සත්‍ය)

ඔව් තියෙන්න පුළුවන්, 


කම්ක්වම්බා පවුලට වගේම වගාවෙන් ජිවත් වන විම්බේ ගම්වැසියන්ට මුහුණ දෙන්න වෙන එකම පොදු සතුරා තමයි දුප්පත්කම


ඒත් ඇයි ඔවුන් දුප්පත්,


මලාවි කියන්නේ අප්‍රිකානු මහද්වීපයේ ගිනිකො‍ණ දිගට වෙන්න පිහිටලා තියෙන රටක්. අපි දන්න පරිදිම තුන්වන ලෝකයේ රටක්. ඒකට දේශගුණික, දේශපාලනික, ආර්ථිකමය සහ  සමාජීය කරුණු ගණනාවක් බලපානවා. අප්‍රිකානු රටවල් පමණක් නොව තුන්වන ලෝකයේ  බෝහෝමයක් රටවල් වල දේශපාලනික මුහුණුවර පිළිබඳ ව මේ චිත්‍රපටිය පුරාම කථා කරන්න දහසකුත් දේවල්  තියෙනවා. ඔවුන් දුප්පත් වන්නේ ඔවුන්ගේම වරදින් නොවන දේශපාලනික ක්‍රියාවලීන් හේතුවෙන්. වරක නියඟය නිසාද, තවත් වරෙක අධික වර්ෂාව නිසාද තමන්ගේ වගාවේ අස්වැන්න  අහිමි කර ගන්නා කසුන්ගු වැසියන් ආහාර හිඟයකට මුණ දෙනවා. වර්ෂාව ලැබිලා නැවත වගා කරන තුරු ඉතුරු වන ධාන්‍ය ප්‍රමාණවත් නැහැ. ඔවුන්ට බඩගින්නේ ඉන්න වෙනවා. අඩුම තරමේ දිළිඳු බවින් මිදීමට නොව එක වේලකට හෝ ප්‍රමාණවත් තරම් ආහාරයක් ඔවුන්ට ලබා ගැනීමට හැකියාවක් නැතිද? රජය ඔවුන් සමඟ මිත්‍රශිලි නැ. ඔවුන්ව බඩගින්නෙන් මුදවා ගන්න සහනගීලි වැඩපිළිවෙලක් රජය සතුව නැහැ. 

ඉරිඟු වගාව (චිත්‍රපටයෙන්)
 

එහෙනම් වෙන විසඳුමක් නැද්ද?


තියෙනවා. අවුරුද්දට කන්න දෙකක් වගා කරන්න ඔවුන්ට පුළුවන් නම් දෙවියන්ගේ පිහිටෙන් හාමත් නොවී ඉන්න පුවවන්. ඔවුන්ට තමන්ටම පිහිට තමන් පමණක් නිසා ඔවුන්ගේ විශාල දෑත් ගැන බලාපොරොත්තු තියා ගන්න වෙනවා. 

විලියම් (චිත්‍රපටයෙන්)


ඉතිං ඇයි වගා නොකරන්නේ?


වතුර තමයි එකම ගැටළුව, වර්ෂා ජලයෙන් වගා කරන ඔවුන්ට අවුරුද්දේ එක කන්නයකදී ලැබෙන වර්ෂාව ගැන පමණක් බලාපොරොත්තු තියා ගන්න වෙනවා. මිසිස් කම්ක්වම්බා කියන විදිහට ඒයා කසාද බදිද්දී කියනවා වර්ෂාව ඉල්ලලා දෙවියන්ට යාඥා කරන එක නොකරන්න පොරොන්දු උනාය කියලා. දෙවියන් තමන්ගේ කැමැත්තට වර්ෂාව දෙන්නැත්නම් කන්න දෙකක් නෙවෙයි එක කන්නයක්වත් වගා කරන්න බැහැනේ. ඒත් මිසිස් කම්ක්වම්බා දෙවියන්ට යාඥා කරන්න යන්නෑ ඒක හනමිටි අදහසක්  කියලා එයා විශ්වාස කරනවා. 


එතකොට වැස්ස ලැබෙන් නැද්ද?


නෑ. වැස්ස ලැබෙනවා. දෙවියන්ට යාඥා කළේ නැතුවට වස්සවන්න පුළුවන් කෙනෙක් විම්බේ ගමේ ඉන්නවා. ඒ තමයි විලියම් කම්ක්වම්බා. ඔහු කසුන්ගු ගමට වස්සවනවා. ඉතිං නියඟකාලේදී කම්ක්වම්බා පවුල ඉරිඟු වගා කරනවා. ඒ විතරක් නෙවෙයි ඔවුන් අවුරුද්දේ කන්න දෙකම වගා කරන්න පටන් ගන්නවා.


විලියම් වස්සවන්නේ කොහොමද?


After I drop out from school I went to library and I read a book titled using energy and I get information about windmill and I try and I made it.


ඒ වචන විලියම්ගේ. ඒ කථාව තමයි මේ චිත්‍රපටියේ තියෙන්නේ විලියම්ගේ නොපසුබට උත්සහය.

 
විලියම් සහ සුළං මෝල (සත්‍ය)



විලියම් කම්ක්වම්බා  ඉලෙක්ට්‍රොනික් වැඩ වලට ඇල්මක් දක්වන කුතුහලයෙන් පිරුණ තරුණයෙක්. විලියම් තමන්ගේ ගමේ මිනිස්සුන්ගේ කැඩුණු ගුවන් විදුලි යන්ත්‍ර හදමින් වැඩි කාලයක් ගත කරන අතර, නගරයෙන් ඉවත දමන වාහන සහ වෙනත් ඉලෙක්ට්‍රොනික් බඩු වලින් බැටරි සහ විවිධ කොටස් එකතු කරනු ලබනවා. ඒ අතර පවුලේ වැඩ වලටද, වගා වැඩටද උදව් කරන විලියම් පාසල් යන්න පටන් ගන්නවා. ඒත් විලියම්ට වැඩි කාලයක් පාසල් යන්න ලැබෙන්නැ. විශ්වාසය තබා ගත නොහැකි කාලගුණය සහ දුම්කොළ වගාව සඳහා ගස් කැපීමට ඉඩ දීමට ගමේ මිනිසුන් එකඟ වීම හේතුවෙන් ඇතිවන ඉඩම් ආරවුල පවුලේ බෝග වලට සහ ඔවුන්ගේ ගොවිපොළට දිර්ෂ කාලීනව තර්ජනයකට ලක් වෙනවා. ඔය අතරතුර ඇති වන වැසි තත්ත්වය නිසා බෝග වලට සිදු වන හානිය නිසා අනෙක් කන්නය වන තුරු කෑමට ද ප්‍රමාණවත් ඉරිඟු ඔවුන්ට රැස් කර ගැනීමට ලැබෙන්නෑ. විලියම්ගේ ඉගෙනීමට අවශ්‍ය මුදල් නොමැති නිසා පාසලින් ඔහුව ඉවත් කරනවා. ඒත් විලියම් සතු උත්සහය අභිලාෂයන් ඔහුව පාසල හා බැඳ තබනවා.  තම සහෝදරිය වන ඇනීගේ පෙම්වතා මෙන්ම පාසලේ ගුරුවරයකු වන කචිගුන්ඩා මහතාගේ පංතියේ විද්‍යාව ඉගෙන ගත් විලියම් තම සහෝදරිය  සමඟ ගුරුවරයාගේ ඇති රහසිගත ප්‍රේම සම්බන්ධය හෙළි කරන බවට දැඩි තර්ජනයක් ද එල්ල කරමින් පාසලේ පුස්තකාලය භාවිතා කිරීම සඳහා උදව් ලබා ගන්නවා. පුස්ථකාලය භාවිතා කරන විලියම් අට වන ශ්‍රේණියේ ඇමරිකානු පෙළපොත් භාවිතා කරමින් බලශක්තිය පිළිබඳ තනිවම ඉගෙන ගන්නවා. විලියම්ගේ ආරම්භය සිදු වන්නේ ඒ විදිහට.



GOD IS AS THE WIND, WHICH TOUCHES EVERTHING.


 
විලියම් පාසල් යාම ආරම්භ කරමින් (චිත්‍රපටයෙන්)

සුළඟ” ජය ගත් විලියම් ගේ කථාව පුරාම දුඹරු රූප රාමු  තුළින් ලෝකය පිළිබඳ බහුවිධ චිත්‍රයක් මනා ලෙස පෙන්වයි. ඔහුගේ නිවස ඇතුළත, පිටත රූපයන්,  ඔහු දකින හා අසන දේවල්  අපට ලං කරවන්නේ කැළඹුනු සහ අපේක්ෂාවන් පිරුණු බලාපොරොත්තු. සමාජීමය කාරණා වලදී පවුල් මතභේද සහ ඥාතින් ඇති විශ්වාසයන් සහ හිත් පළුඳු වීම් මිනිසුන් අතර ඇති එකමුතුකම, ඒ අතර සාකච්ඡා කරන දරුණු ආර්ථික සම්බන්ධයන්, ප්‍රේම සබඳතාවන්, මිත්‍රත්වය, විලියම්ව හැර නොයන ඔහුගේ පසුපස යන පක්ෂපාත සුනඛයා කම්බා ද  කුසගින්නේ මිය යාමට සිදු වීම තුළින්ද, මලාවි ඇතුළු බිම්බෙ ගමෙහි සමාජීය හැඩයන් වඩාත් සංවේදි අකාරයකින් සමීප කරන්නට සමත් වනවා. දේශපාලන වේදිකාවේදි රටේ ජනාධිපති ඉදිරියේදී ම තම ගමෙහි ගැටළු ඉදිරිපත් කරන ගම් ප්‍රධානියාව වේදිකාවෙන් බස්සවා වද දීම, අනුකම්පා විරහිත, බලය හා ධනය සමඟ පක්ෂපාතිත්වය දක්වන නායකත්වයන්ද කුසගින්නෙන් පෙළෙන පුද්ගලයන් අතර සිදුවන දරුණු ගැටුම් ද, මිලේච්ඡ ලෙස  කොල්ලකරුවන් සාගතය නිසා විලියම්ගේ නිවසින් ඉරිඟු හොරකම් කිරීමට පෙළඹිම ද හද කම්පා කරවන සිදුවීම්. සුළං මෝළ සෑදීම සඳහා අවශ්‍ය උපකරණ ‍කැඩුණු බඩු ඉවත්ලන තැනින්  ගෙන ඒ සඳහා තවත් අවශය වන කොටස් සඳහා තම පියාගේ බයිසිකල ඉල්ලා සිටිම කොතරම් ම දරුණු ප්‍රහාරයක් හදවතට එල්ල ‍කළේද යන්න විලියම්ගේ මුරණ්ඩු පියා කෙරෙහි එතෙක් පැවතුන සියළුම ගෞරවය, මනාපය හා ප්‍රේමය ඉවත ලැමට සමත්. 

විලියම් හා පියා (චිත්‍රපටයෙන්)


විලියම් යනු වියළි පොළවක සුළඟ තම දෑත් මතට ගත් දෙවියකු බවත් ඒය හුදු එක් මනංකල්පිතයක් නොව යථාර්ථයක් බව දැන ගැනීමට අවසන් තත්පර කිහිපය තෙක් බලා හිදීමට සිදු වියත අවසන් තත්පර කිහිපයේ  ලද කම්පනය  ද නැවත මුළු චිත්‍රපටියම ද එක්වර නැ‍‍ෙඟන වියළි දුවිලි සුළඟකින්  දැකීමට තරම් වන අකාරයෙන් නිමැවීමට චිවෙටෙල් එජියෝෆෝර් නම් නයිජිරියානු සම්බවයක් සහිත බිත්‍රාන්‍ය ජාතිකයාගේ දක්ෂතාවය 2019 වසරේ හොඳම චිත්‍රපට අතරට The Boy Who Harnessed the Wind ගෙන ඒමට සමත් වෙලා තියෙනවා.



ඔය තමයි විලියම්ගේ කථාව. විලියම් විසින් රචිත The Boy Who Harnessed the Wind කියන කෘතිය පාදක කරගෙන තමයි මෙම චිත්‍රපටිය නිෂ්පාදනය වෙන්නේ.
විලියම් (චිත්‍රපටයෙන්)


ඉතිං මේක බලන්න ඕනද?


ඔව් අනිවාර්යෙන්ම බලන්න පුළුවන් නම් බලන්න. මොකද කියනවට වඩා දේවල් දැනෙන්නේ බලද්දී. අනික කියන්න ඕනම දේවල් කිව්වේ නෑ. ඉතිං බලන්න The Boy Who Harnessed the Wind.








විළියම් (සත්‍ය)





1 comment:

C ට ආදරෙන්

  ආදරණීය C, මේ වෙන්වීම මට දැනුනේ අපෙන් අපව තවත් දුරස් කරවන හැඟිමක්, ඔබව - මට වසර ගණනාවකින් හමුවෙලා නැහැ, ඔබ - මම වසර ගණනාවකින් කතාබහ කරලා නැ...