මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Wednesday, April 5, 2017

ඔපීසීයේ කතා 1



ඉතිං! ඉතිං! ඉතිං! කොතනින් පටන් ගන්නවාදැයි කියලා තමයි මං මේ කල්පනා කොරේ.

මේ කියන්න යන්නේ ඉතිං අපේ ඔපීසීය ගැන.  ඔපීසීයේ කයි කතා -  ජර -මර වැඩ එමටයි.

ආ ඔව් - ඔව් කැපිලි - කෙටිලි එහෙමත් තියෙනවා එමට - මොකද මෙව්වා ඉතිං රජයේ ඔපීසී වෙච්චී, 

හ්ම් - හ්ම් කියන්න ඕනෑ තමයි ඔය තැපිලි - කෙටිලි - ගැහිලි - මුට්ටි ඇල්ලීලි එහෙම ගැන. ඔය ටික පස්සට දලා මම මුලින්ම අපේ කී බිසව ගැන කියන්නම්කෝ. එයා ගැන නොකියා ඉතිං ඔපීසීය ගැන කියන්න බැරිය.

කිව්වත් වගේ අපේ ඔපීසීය රජයේ ඔපීයක්. ඔය වගා කටයුතු වලට තමයි අපේ ඔපීසීයේ ඈයෝ මුල් තැනක් දෙන්නේ. (වගා කටයුතු වලට අමතරව ඉතිං තව තව මුල් තැන දෙන එව්වා බොහෝමයි තමයි. එව්වායින් කමක් නැත. ඕවායින් සමහර දේවල් කතා කරලත් බැරිය. නොකරත් බැරිය. )

දෑන් ඉතිං ඔය ඕනෑම රජයේ ඔපීසීයක වගේම අපිටත් ඉන්නවා ඕන්න සී.සී කෙනෙක්. නොදන්න අය හිතන්ට කාරි නෑ. සී. සී. කිව්වේ මාණ්ඩලික සහකාර කියලා මිසක් see see එහෙම නෙවෙයි ඕං. කොහොමින් කොහොමින් හරි දැන් අපේ ඔපීසීයෙත් ඉන්නවා සී.සී. නෝන මහත්තයෙක්. මේ නෝන මහත්තයා ඉතිං නමින් වගේම ගති ගුණ වලිනුත් සුචරිතවත්. ආයෙ බොරුවක් එහෙම නෙවෙයි. මේ නෝන මහත්තයා තමයි ඉතිං ඔය අපේ ඔපිසීයේ යතුරු එහෙම බාරව ඉන්නනේ. ඒකත් සුලු පටු කාරියක් නෙවෙයි ඕං. ඔය යතුරු දලා තියෙන කබඩ් වල තියෙන රජයේ බඩු භාණ්ඩ. ඒවා ඉතිං අව භාවිතා කරපුවාම එහෙම සෑහෙන සෑහෙන සිද්ධි වෙනවා කියලා දන්නවානේ. අපේ නෝන මහත්තයත් ඉතිං මේ යතුරු ටික හරි පරිස්සමට බලා කියා ගන්නවා.  එවුනාට ඉතිං වැඩේ කියන්නේ මෙතුමියගේ හැඹිලිය නම් ඉතිං මාසෙකට දෙතුන් වතාවක්ම දන් දෙනවා පුණ්‍ය කටයුත්තක් හැටියට. ඒකත් ඔය පිට් පොකට් ගහන කෙනෙක්ට ද කොහෙද තමයි දෙන්නේ. ඒ අතින්නම් ඒ නෝන මහත්තයා දනට පිනට හරිම බරයි. අපි උනත් ඉතිං බඩගිනි එහෙම කියලා කිව්වොත් ඔය මාරි බිස්කට් එකක් එහෙම ගෙනත් දෙනවා කන්ට. 

ඔන්න ඔය විස්තර කළේ අපේ කී බිසව ගැන තමයි. නම දැම්මේ නම් ඔපීසීයේම මහත්තයෙක් තමයි. ඔය මහත්තයා ගැන කිව්වොත් පාටින් නම් දොදොල් සමයි. ඇල්වතුරත් නිවලා බොන්නේ. මේ මහත්තයා බොනවා කියන්නේ ඇල් වතුර විතරමයි. ඇල් වතුර ටිකක් වැඩි උනාම ඉතිං නිවාඩුවක් එහෙම දලා ගෙදර නවතින එක වෙනම වැඩක්. තව ඕං ඉතිං ඔය වල් පල් හැල්ලක් කියවන්න ගියාමනම් ඉතිං මේ මහත්තයා  කියවනවා කියවනවා ඉවරයක් නෑ. ඔන්න ඔය මහත්තයාම තමයි වේලාවකට කියන්නේ ගැණු කලිසං ඇන්දට කමක් නෑ. පිරිමි චීත්ත ඇන්දාම තමයි අවුල් කියලා. (සීරියස්ලී  මේ මහත්තයා  එහෙම කියනවා.) කොහොම හරි ඉතිං ඔය ඔපීසීයේ නෝනාට දාපු නම කොයි තරම් පුරසිද්ධද කියනවා නම් අපේ නෝනා උනත් දැන් කී බිසව කිව්වාම විතරයි හැරිලාවත් බලන්නේ.

කොහෙම හරි අපේ කී බිසවට - ඔය කිව්ව මහත්තයාටයි - මේ යාත්‍රා වෙච්ච මටයි පුදුම සහගත සුනඛ පෝතකයින් තුන් හතර දෙනෙක්ම ඉන්නවානේ. ඔන්න ඕක තමයි අපිට තියෙන එකම සමානකම. ඔන්න ඔය හින්දම අපි තුන් දෙනා එකට එකතු වී කතා කළහොත් ඒ කතා කරන්නේ බලු කතාය. ඒ ඔය ඔපීසීයේ අනිත් නෝනා මහතැන්ලා හිතන කියන විදිහය. කොටින්ම ඒ ඉතිං උන්ට ඉරිසියාවට බව අපි දනිමු. අපි සුනඛයන් ගැන මිසක කොයි විටකවත් බලු කතා නම් කතා කරන්නේම නැත.

තව ටිකෙන් අමතක වෙනවා අපේ ඔපීසීයේම ඉන්නවා තව සකල කලාවන්ටම දක්ෂ තව මහත්තයෙක්. කොටින්ම කිව්වොත් කලා රිටක්. මනුස්සයා ටිකක් විතර හීන්දැරි හාදයා. දැන්නම් කෙසුත් එක දෙක පැහිලා. ඒ වුනාට ඉතිං කලාව කිව්වොත් බෙල්ල කඩාගෙන. ඒ විතරයි නෙමෙයි ඒ මහත්තයා මයික් කන්නත් හරි දස්සයි. ඉතිං ඔන්න මේ මයික් ඛන්නා මහත්තයා මේ ළඟදී දවසක කෙටි කවියක් කිව්වා. එක ඉතිං කෙටි කවියක් කිව්වාට නිකම්ම නිකම් කෙටි කවියක් එහෙම නෙවෙයි. මහ ගැඹුරැති - බරුති කවියක්නේ. මෙන්න මෙහෙමයි ඒ කවිය,

මරියානා
ජේ - සී -බී
බුල්ඩෝසර්

කී බිසවයි, වන්දන මහත්තයයි, මයික් ඛන්නා මහත්තයයි ඇරුණාම තවත් මහත්වරු තුන් හතර දෙනෙකුයි නෝනලා හත් අට දෙනෙකුයි ගැන කියන්නට තියෙනවාය. කොටින්ම කිව්වොත් මේ නෝනලා තමයි මුළු වගා ඔපීසීයේම ඉන්න ලස්සනම නෝනලා. ඒහෙම කිව්වාට ඒ එයැයිලා හිතාගෙන ඉන්න විදිහය. (හොඳවෙලාවට එයැයිලා මේක දකින්නේ නැත.)


ඔය ලස්සන නෝනලා ගැන පස්සේ වේලාවක කියන්නම්කෝ. යාත්‍රාට බයම එයැයිලා ගැන කියන්න මේ ලෝකේ තියෙන වචන මදි වෙයිද කියලාය.  


 

8 comments:

  1. නියම කථා ටිකක එන්න යන්නේ. මඟ බලා සිටිමි.

    ReplyDelete
    Replies
    1. මඟ බලා සිටිනවාට ස්තුතී ඒ කතා කියවන්න

      Delete
  2. බලු කණඩායමේ පිරිසක් තැනක වෙතී
    ඔලු ගෙඩි වනයි ඔෆිසියෙ රස කතා ඇතී
    රළු නැති විහිලු ඔය අතරේ තිබෙනු ඇතී
    තලු මර මරා කියවීමට ආස ඇතී.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. කවියක පදක අමුණා සුබ පතනයුරු
      කදිමයි මිතුර නුඹගේ සිතුවිලි සොඳුරු
      කවියට ඉතිං නුඹ නම් වේ සුහුරු
      කවි පබඳින්න මට නම් බෑ සොයුරු

      ස්තුතී දුමී

      Delete
  3. හපොයි මේ යාත්‍රා ගෙ කම්මැලි කම...ඇයි දෙයියනේ ටිකක් දිගට ලිව්ව නම් මක් වෙනවද ඈ

    ReplyDelete
  4. බලමුකෝ ඉතින් ඔෆිසියේ කතා ටික

    ReplyDelete
  5. එහෙනම් ඔය බලු කතයි,සුනක කතායි දෙකම බලාගෙන ඉමි

    ReplyDelete
  6. කොහෝමද ඔය නෝනා කෙනෙක් ඇවිත් හහ් මම ගැන ලිව්වොත් බලා ගන්නම්කෝ කිව්වොත් හෙ හෙ

    ReplyDelete

C ට ආදරෙන්

  ආදරණීය C, මේ වෙන්වීම මට දැනුනේ අපෙන් අපව තවත් දුරස් කරවන හැඟිමක්, ඔබව - මට වසර ගණනාවකින් හමුවෙලා නැහැ, ඔබ - මම වසර ගණනාවකින් කතාබහ කරලා නැ...