මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Tuesday, August 29, 2017

සිංහ සීවලි හදක් මට වෙයි

මව් මරා ගෙන උපන් පැල වෙයි
අයියේ උඹ මා සම උනු
උන්ට නැතුවට මහා හෙවණක්
දුන් නුගක් වෙයි අප සතු

නොකීවට මෘදු සිහින් ස්වරෙන්
තාලයට නැලවිලී කවි
ජෝතිගේ සිංදුවක කොටසට
මතකදැයි අපි නැලවුණු හැටී 

ගඟක ගහගෙන ගියත් කිරි කළ
ලේ වලම සුවඳට එතී
අයියේ බඩගිනි වෙච්චි වේලට
ඉරුවේ තාත්තගේ තන්පුඬු

වේල ඇර වේල කෑවේ
තාච්චියේ කර වුණ රොටී
ඒත් පදමට රහට තිබුණේ
මුහු වෙච්ච හින්දායි දා බිඳු

අයියේ කාශ්‍යප ලෙසින් වෙස් ගෙන
ඉල්ලද්දී වස්තුව මහ උර පලා
කොහොම අමතක වුණා දැයි එය
තාත්තගේ, සතර මහ වස්තුව අපි

වාරු නැති දෙපයට උනත් අද
නොපාගා කිරල බිත්තර රක්නා හැටී
මහා බෝසත් කෙනෙක් ලඟවත්
ඇද්ද ගුණ නම් ඔය හැටී

අාන් අර හිඳුන වැව ළඟ
තාත්තා අැති ගොම්මනේ
ගිහින් බලපන් ඇස් දෙකේ ඇති
වැවම පිරෙනට කඳුලැලී

අයියේ උඹ හට වචන තිබුණට
කඩු කිණිසි හා සම වුණු
සිංහ සීවලි හදක් වෙයි මට
තාත්තා ගැන ගැඹුරැති

7 comments:

  1. අයියණ්‌ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ
    ගිනි ඇවිලුනා කැණිමඩලට අප නිවසේ
    එක බත අනා ඒකටම කෑ පෙර දවසේ
    මං අමතකද නුඹ රජ වු අද දවසේ

    අම්මා එක්‌ක දබරව පැන ගිය වැන්නේ
    ළැ මදා ගියා බත හිරවුනි කුස ගින්නේ
    දෑසේ කදුළු වැහිපොද ලෙස වෑහෙන්නේ
    වී පැලකට ඇයි නුඹ විරසක වෙන්නේ

    ඉර සැපක්‌ දෝ නියගය දළුලෑම
    සදට සැපක්‌ දෝ ගනදුර පිදීම
    නුඹට සැපක්‌ දෝ අපි තනිකර යෑම
    මහපොළවකට නඩු හබ ඇයි ගතු කීම

    අයියණ්‌ඩියේ.....

    ගායනය : ගුණදාස කපුගේ
    පද බැදුම : නිමල් ආනන්ද
    තනුව : ගුණදාස කපුගේ

    ReplyDelete
  2. හොඳ නිර්මාණයක් යාත්‍රා.

    ජයවේවා!!!

    ReplyDelete
  3. අයියේ උඹ හට වචන තිබුණට
    කඩු කිණිසි හා සම වුණු
    සිංහ සීවලි හදක් වෙයි මට
    තාත්තා ගැන ගැඹුරැති

    ඒක දැනුනා නියමෙටම

    ReplyDelete
  4. හරිම සංවේදී නිර්මාණයක් යාත්‍රා.

    ReplyDelete

C ට ආදරෙන්

  ආදරණීය C, මේ වෙන්වීම මට දැනුනේ අපෙන් අපව තවත් දුරස් කරවන හැඟිමක්, ඔබව - මට වසර ගණනාවකින් හමුවෙලා නැහැ, ඔබ - මම වසර ගණනාවකින් කතාබහ කරලා නැ...