මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Monday, April 2, 2018

යාත්‍රාවට පනහයි




ජිවිතේ යාත්‍රාවට පනහයි. 

පනහයි නෙමෙයි දැන් නම් පනහා පැනලා.  ඒ කියන්නේ අර්ධ ශතකයක්. හප්පේ , යාත්‍රාට නම් මේක පුදුමයක්. මොකද කිව්වොත් අවුරුදු දෙකක් විතර තිස්සේ හිමි හිමින් දාපු පොස්ට් ගණන පනහ පැන්නා කියන ඒක වෙන්නම බැරි දෙයක්. මොකද යාත්‍රා කවදාවත් මේ විදිහට බ්ලොග් එකක් තියා ගත්තේ නැති හින්දා. බ්ලොග් එකක් නෙවෙයි වෙන මොන දේ උනත් පිළිවෙළකට ටිකක් දුරට කරන පුරුද්දක් යාත්‍රාට නෑ.

ඒ කියන්නේ මේ යාත්‍රාට ජිවිතේ යාත්‍රාවට කළින් බ්ලොග් කිහිපයක්ම තිබුණා කියන එක. පොස්ට් දෙක තුනක් වැටුණට පස්සේ ඒ බ්ලොග් එහෙම පිටින්ම යාත්‍රා අතින් ඩිලිට් වෙලා ගියා. 2011 විතර තමා යාත්‍රා පළවෙනි බ්ලොග් එක හැදුවේ. ඒකත් හරිම අමාරුවෙන් මාර විදිහේ කට්ටක් කලා තමයි හදා ගත්තේ. කැම්පස් එකේ GIS ප්‍රැක්ටිකල් වෙලාව තමයි යාත්‍රා මේ වැඩේට ප්‍රයෝජනයට ගත්තේ. විජය පරිගනක අතිරේකයට මේ බ්ලොග් ගැන පොඩි පොතක් හම්බුණා. යාත්‍රා ඒ දවස් වල කම්පියුටර් පිස්සුව තිබුණා තදටම. ඒ පිස්සුවේ තරම ඉතිං කම්පියුටරයක් ගලවලා තනියම හදා ගන්න පුළුවන් මට්ටමට දියුණු කර ගන්න නම් පුවවන් උනා. ඒ විතරක් නෙවෙයි මොන මොන අලුත් සොෆ්ට් වෙයාර් එකක් උනත් කූරූ ගලා බලලා ඉගෙන ගැනිමේ හැකියාවකුත් යාත්‍රාට තියෙනවා. ( අපේ අම්මා නම් ඉස්සර ඔය යකඩ කැලි වයර් කැලි කාමරේ එහෙ මෙහෙ අටවලා තියෙනවා දැක්කාම කියන්නේ කොල්ලෙක්ගේ කාමරයක්වත් ඔහොම නැතුව ඇති කියලා J J ,  ඉස්සර එහෙම කියපු අම්මා දැන් යාත්‍රාගේ කාමරේ දකිද්දි පුදුම හතෙන් අට වෙනි පුදුමේ ඇස් ඉස්සරහා තියෙනවා වගේ පුදුම වෙනවා. එහෙමයි කිව්වාට ඒ ඉතිං එයාට යාත්‍රාගේ ඇඳුම් තියෙන අල්මාරිය අරින්න හිතෙනකම් විතරයි ඒ පුදුමේ ඔන්න.) J කොහොම හරි ඉතිං ඒ සෙමෙස්ටර් එක එන්ඩ් වෙද්දී බ්ලොග් එකත් එන්ඩ් කරලා ඩිලිට්ම කරලා දැම්මා. ඒ බ්ලොග් ඒක හුදකලා හෝරාව කියලා තමයි නම් කරලා තිබ්බේ. යාත්‍රා 2014 විතර තව බ්ලොග් එකක් පටන් ගත්තා. එකේ නම උනේ හුදකලාවේ සිට ලියමි.  අන්තිමටම යාත්‍රා හිතනවා යාත්‍රා හුඟාක්ම හුඟාක්ම හුඟක් කැමති මේ හුදකලා කියන වචනේ නැතුව බ්ලොග් එකක් හදන්න. (මොකද ඔය හුදකලා වචනෙන් හදපු බ්ලොග් හුදකලාම වෙලා ගියානේ.) ඒ වචනේ නැතුව හදපු එක  තමයි මේක. ජිවිතේ යාත්‍රාව, යාත්‍රා මේක හැදුවේ ඔය එක එක කතා ලියන්න. දිග කතා, කෙටි කතා, රස කතා, ළමා කතා, නව කතා, ආදී ආදී වු නොයෙක් කට කතා එහෙම. කොහොම හරි ඉතිං ඔය අතරට කවිත් ලිව්වා. දැන් කොහොම හරි ලියපු ඒවා පනහයි. නෑ, නෑ පනහට වැඩියි. ඒක යාත්‍රාට සතුටක්. යාත්‍රා කියන කම්මැලියා මේක මේ විදිහට ලියපු ඒක ගැන යාත්‍රාටම තියෙන්නේ මාර සතුටක්.

ඉතිං යාත්‍රා මේ බ්ලොග් එක පටන් අරන් ටික දවසකින් විසිරි සිහින දැන ගන්නවා යාත්‍රාගේ බ්ලොග් එක ගැන. ඒ දවස් වල ඉතිං විසිරි යාත්‍රාව තල්ලු කළා ජිවිතේ යාත්‍රාවේ ඉස්සරහට යන්න. ඒ ලැබිච්ච උපදෙස්, දැනුම, බෙදා හදා ගත්ත දේවල් නිසා තමයි ජිවිතේ යාත්‍රාව මෙච්චර දුරකට පදවන්න යාත්‍රාට පුළුවන් උනේ. හැබැයි යාත්‍රා විසිරි සිහිනට ස්තුතී කියන්නෑ. මේ ලියපු ටිකෙන්ම විසිරි දැනගන්න ඕනා ඒක ස්තුති කියන වචනේට වඩා වැඩි දෙයක් කියන එක. 

තවත් දෙයක්   පහු ගිය ටිකේ ඉයන් මහත්තයාත් බොහොම අපුරු තල්ලුවක් දුන්නා යාත්‍රාවට. ඒ තල්ලුවත් සැහෙන්න ලොකු දෙයක් උනා යාත්‍රාවට අලුත් අලුත් ඉවුරු ගොඩක් හොයා ගන්න. තව ඉතිං බ්ලොග් එක පටන් ගත්ත මුල් කාලේ ඉදන්ම දන්න කියන කෙනෙක් තමයි සොඳුරු සඳවති. ඒ විතරක් නෙවී ඉතිං දුමී සහ රස්තියාදුකාරයත් මුල් කාලේ ඉදන්ම හිටියා මතකයි. එරන්දියි පොකුරු වැහි ඒ දවස් වල හිටියා යාත්‍රාව පිටි පස්සේ. හම්මේ ඉතිං තව කියන්න ගොඩක් අය ඉන්නවා. ඒ හැමෝටමයි මම කියන්නේ නොකී අයටයි කියපු අයටයි හැමෝටම ස්තුතී කියලා තමයි ඉතිං. 

යාත්‍රා මහ ලොකුවට දෙයක් ලියන්නැති උනාට ඔය ලියලා යන මොකක් උනත් ඉතිං කියවලා බලනවට. ඒ විතරක් යැ කමෙන්ට් එකක් එහෙමත් දනවානේ. ඒ මදැ අප්පා යාත්‍රාවට ඉස්සරහට යන්න. ඉතිං මේ යාත්‍රාව පදවන යාත්‍රාගේ කම්මැලි හිත නොවෙන්න මේ ජිවිතේ යාත්‍රාව ගොඩක් දුර ගිහින් තියෙන්නත් තිබ්බා. කොහොම හරි කියවන අයගේ වාසනාවටද කොහෙද යාත්‍රා යාත්‍රාව හබල් ගාන්නේ හිමින්.

දැන් ඉතිං මේ ලියද්දිත් ඉතිං යාත්‍රාට හිතෙන්නේ කවදා සියක් ලියන්නද කියලා. හම්මේ තව අවුරුදු තුන හතරක්වක් යයි. කොහොම උනත් ඉතිං යාත්‍රා ඉල්ලන්නේ එතකං ඔය කට්ටිය මේ විදිහටම යාත්‍රාව අල්ලන් ඉන්න. පුළුවන් විදිහක තල්ලුවක් දෙන්න කියලා තමයි. ආ දැන් අමතක නොකර යාත්‍රාට සුබ පතන්න ඕනේ. ඒකටනේ මේක ලියන්නේත්.එහෙනම් යාත්‍රාට යි  අනික් හැමෝටමයි ත් ජය වේවා.

20 comments:

  1. එළකිරි! ජයවේවා!!! ඊයේද කොහෙද තමයි මම යාත්‍රා ගේ ප්‍රොෆයිල් එක බැලුවේ.. ඔය එක හුදෙකලා බ්ලොග් එකක් තාම ඇක්ටිව් තියෙනවා නේද? කොහොම උනත් ඒකට වැඩිය මේක අනප්රිය නිසා මේක දිගටම ලියාගෙන යන්න. අපිත් පුළු පුළුවන් වෙලාවට ගොඩවෙලා යන්න එන්නම්.

    ආ..තව එකක්.. දැන් යාත්‍රා ට පුළුවන් අර විසිරි ට තල්ලුවක් දෙන්න එයාගේ බ්ලොග් එක ලියන්න කියල.. උන්දා බුකියටම සින්න වී ගෙන යන්නේ.. :)))

    ReplyDelete
    Replies
    1. ඔව් එකක් තාමත් ඇක්ටිව් තියෙනවා. ඒකට වඩා මේක ටිකක් හොඳයි. දිගටම මේකට වෙලා ඉන්න තමයි ඉතිං බලාපොරොත්තුව. ගොඩක් ස්තුතී මිත්රි. ඔයාලාගෙන් ලැබෙන දිරිමත් කරන වචන වලින් තමයි ඉතිං ලියන්න හිතෙන්නේ. ඒක ලොකු හයියක්. ගොඩක් ස්තුති ආයෙමත්

      Delete
  2. සුබ පැතුම් !!!  හිමිං වුණත් හබල්ගෑම නවත්තන්න එපා...@ යාත්‍රාවට තල්ලුවක් දමමින්....!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතී යාලුවා. මාත් හිතනවා යාත්රාඩව තව දුරක් පදවන්න ඕන කියලා. බලමු ඉතිං ඉස්සරහට

      Delete
  3. අම්මෝ සුබ පැතුම් සුබ පැතුම්.... බලන් යනකොට මට වඩා ඔයා හොදයි වගේනේ මම මම අවුරුදු අටක් තිස්සෙ පෝස්ට් 200 යි නෙ ලියල තිබුනේ... හැබැයි ඉතින් ඒ අතරේ අවුරුදු ගානක බ්‍රේක් එකකුත් ගත්තා. බ්‍රේක් එකෙන් පස්සේ අද මේ ඉන්න පාඨකයො සඳවතී කියවන්න දැනගන්න ඔයාට වගේම මටත් තල්ලුවක් දුන්නේ ඉයන්තුමා තමා.ඉතින් ඔහොම යමු දිගටම හොදේ...

    ReplyDelete
    Replies
    1. ඒක නම් එහෙම තමයි ඉතිං. ඉයන් මහත්තයා ගොඩක් උදව් කරනවා. ඒක බොහෝම පහසුවක්. කොහොම අනත් ඔයා මම තරම් කම්මැලි නම් නැතුව ඇති. හ්ම් හ්ම් හ්ම් කොහොම උනත් දෙන්නම කම්මැලි නැතුව ලියමු දිගටම. ස්තුතී ඉතිං සඳවති. ගොඩක්

      Delete
  4. conග්‍රැඩුleශන්.........

    ReplyDelete
  5. මොනා උනත් මාත් ගණන් කරලා බැලුවම මේ වෙනකම් යාත්‍රා ලියපු පොස්ට් ගණනයි මගේ ගණනයි දෙකම එකයි ඒ කියන්නෙ 55යි. ඒ නිසා සේම් ටු යු ඈ....මාව මතක් කිරීම ගැන විසේසයෙන් ස්තූතියි හොදේ.....කොහොමත් මට කියන්න ඕනෙ එකයි. පීස් අනේ අර ලූ ගමේ ලූ කතා දාන්ඩකො......

    ReplyDelete
    Replies
    1. රස්ති ස්තුතී. ඕ ඒ කියන්නේ අපි දෙන්නම එකම ගාන ලියලා තියෙන්නේ. රස්තිට ඉතිං ස්තුත මුල ඉදන්ම උන්නානේ

      Delete
  6. නිර තුරු ලියන කවියක් සහ සොඳුරු කතා
    හර බර ලිපිද මෙහි ලියැවුණි හොඳට ගොතා
    තර ණය කෙරූ පනහට තුටු වෙමිය ඉතා
    පෙර ලෙස ලියනු කියනෙමි මම සුභම පතා.......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතී දුමී. මේ වේලාවේ කවියක් ලියන්න නම් බැ.
      කොහොම උනත් ඉතිං ස්තුතී කියලා යන්නම්

      Delete
  7. සුභ පැතුම් යාත්‍රා. ඔය තල්ලු දෙන එක ගැන මෙහෙම හිතන්න.

    සමහර පෝස්ට් කියවනකොට පුදුම හිතෙනවා ඒක ගොඩක් දෙනෙක් දැකල නැහැ කියල හිතනකොට. ඒ වගේ හොඳ පෝස්ට් තනියම කියවලා යන්න ලෝබයි. අර ඔබ මහද සුරුවමකි වගේ ලියවිලි තව ආත්ම තුන හතරකින්වත් මට ලියන්න බැහැ කියල මම දන්නවා. ලින්ක් එකක් දාල තල්ලුව දෙන එක ඕන කෙනෙකුට කරන්න පුළුවන්. ඒවගේ පෝස්ට් ලියන එක හැමෝටම බැහැ. ඒව දැක්කම තල්ලු දෙන්නේ අන් අයගේ යහපතට. අනික කියවන්නො වැඩි වුණාම තව ඒ වගේ පෝස්ට් ලියන්න හිතෙයි කියලයි. ඒ කියන්නෙ ඒවා ආර්ත්මාර්ථකාමී අරමුණු.

    එතකොට තල්ලු වල ක්‍රෙඩිට් එකත් යන්න ඕන ඒවගේ විශ්වකර්ම පෝස්ට් ලියන අයටයි.

    ReplyDelete
    Replies
    1. ඉයන්. මොනවා කියන්නද කියලා දන්නැ. ඉයන්ගේ අදව් ගොඩක් වටිනවා. දැන් නම් මට බ්ලොග් එකට ලියන්න ගොඩක් ආස හිතෙනවා. එත් ඉතිං වේලාව තමයි අඩු කොහොම උනත් ඉතිං දිගටම ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉයන්ට ගොඩක් ස්තුතී දුන්න දෙන සහයෝගයට.ඒක වචන වලින් කියන්න බැරි තරම් දෙයක්

      Delete
  8. කවි ලියන බ්ලොග් එක ෆලෝ කරලා තිබුනට ඔන්න අද තමයි මේක පලෝකරේ

    ReplyDelete
  9. සුබ පැතුම් !

    ReplyDelete

C ට ආදරෙන්

  ආදරණීය C, මේ වෙන්වීම මට දැනුනේ අපෙන් අපව තවත් දුරස් කරවන හැඟිමක්, ඔබව - මට වසර ගණනාවකින් හමුවෙලා නැහැ, ඔබ - මම වසර ගණනාවකින් කතාබහ කරලා නැ...