" මේක මහ නරක කාලයක් විජේ,
මහ නපුරු හීන පෙනවා,.............
විජේ, ඒ හීන වල ඔයත් ඉන්නවා"
ඇගේ කටහඬ
නැවතිල්ලේ නැවතිල්ලේ කියවන හැටි අහගෙන ඉද්දී විජේගේ හිත ජෝතිගේ ගීතයක කොටසක්
මුමුණන්න ගත්තා.
"මුලදි බැන්ද ආදරයක මිහිර දැන්
සැනසීම සොයමි මගේ පපුවට තද කරන්"
සැනසීම සොයමි මගේ පපුවට තද කරන්"
"සැනසීම සොයමි මගේ පපුවට තද කරන්"
විජේටත් නොදැනීම හිත එකම පදය දෙතුන් වතාවක්ම එකම තාලෙන් මුමුණනවා. විජේට දැනුනේ ජෝතිගේ හඬටත් වඩා තමන්ගේ හිතින් මතු වෙලා එන හඬේ ශෝකයක් තැවරිලා තියෙනවා වගේ.
" අපිට අපේ ජිවිතේ කොහේ හරි වැරදුනා නිර්මලා"
තමන්ගේ හඬේ තිබිච්ච ශෝකී බවට තවත් දුක කාන්දු වෙන විදිහට විජේ තමන්ගේ හඬ උගුරෙන් හිර කරගන්න ගමන් වචන වලට ලතාවකට පාවෙන්න ඉඩ ඇරියා. එහෙම පා වෙවී පා වෙවී නිර්මලාගේ කන් පෙති මතට පාත් වෙච්ච සමහර වචන වලට නම් නිර්මලාගේ ඇස් වලට ඉස්සරම කඳුළු උනනවා කියන්න විජේට අදටත් මතකයි.
" නිර්මලා නිර්මල නැතැයි මා ඔබේ ලොවෙන් පිට මං කලා"
තමන්ගේම වචන
දෙක තුනක් උගුරේ හිර වෙනවා වගේයි විජේට දැනුනේ. ඒ එක්කම නිර්මලාගේ ඕනාවටත් වැඩි
හිනාව දුරකථනය දිගේ ඇවිත් තමන්ගේ හදවත පසාරු කරගෙන යනවා දැනෙද්දී විජේ වම් අතින්
පෙරළ පෙරල හිටපු ලිපි ගොනුව ලියන මේසේ උඩට එහෙමම අත ඇරියා. වම් අත මේසේට බර කරගෙන මාපට ඇගිල්ලටත් දඹර ඇගිල්ලටත් මැදි කර ගත්ත නලළ පොඩි කරන ගමන් විජේ
නිර්මලාට උත්තර දෙන්න වචන තෝරන්න පටන් ගත්තා. විජේ දන්නවා කවදාවත්ම නිර්මලාගේ හිතට
සැනසීමක් දැනෙන වචනයක් තමන්ට කියා ගන්න බැරි විත්තිය. එහෙම දැන දැනම මෙහෙම වචන
හොයන එක ම මහ නිස්කාරණ වැඩක් උනත්, විජේ එහෙම වෙලාවලදී
තමන්ගේ හිතට විතරක් දැනෙන මොකක්දෝ වේදනාකාරි බවකට
ආදරේ කරන්න පටන් අරන් තිබුණේ. එ් වේදනාව විජේව කොච්චර මත් කෙරෙව්වද කියන්න
විජේට මතක නැති උනත් විජේ එහෙම මත් වෙච්ච වෙලාවට වැඩියෙනුත් එක්ක රඟපාන ගමන් කියන ජෝතිගේ එකම සිංදුවේ පද ටික නම්
විජේගේ යාළුවන්ට හොඳටම මතක හිටිනවා.
"මේ අත ඔබට හැර හිතවතියකට වෙන
දුන්නොත් මගේ ජිවිතයකි කඳුළු බොන
මීනි වලක මා යට කර තබන දින
වැහි නැති අකුණු පුපුරයි මගේ වලට පැන"
දුන්නොත් මගේ ජිවිතයකි කඳුළු බොන
මීනි වලක මා යට කර තබන දින
වැහි නැති අකුණු පුපුරයි මගේ වලට පැන"
ඒත් විජේට
තිබුණේ නිර්මලාගේ අතින් අල්ලගෙන මේ පද ටිකම තාලෙට කියන ගමන් නිර්මලාට එක
පොරොන්දුක් වෙච්ච විදිහ. ඒ මීට අවුරුදු පහළවකට එහා අතීතය උනත් ඒ අතීතය
විජේගේ හිතට රිංගන්නේ අනාරාධිතවමයි.
" සමාවෙන්න විජේ, මම ඒක හිතලා කිව්වේ නෑ"
නිහඬව
ගෙවිච්ච කාලය කොච්චරක්ද කියන්න විජේට බැරි උනත් ඒ ගෙවෙන
කාලයේ තත්පරත්ච එකින් එක නිර්මලා ගණන් කරනවා. ඒක කවදා
ඇති වෙච්ච පුරුද්දක්ද කියන්න නිර්මලාට හරියටම මතක නැති උනත් පහුගිය අවුරුදු ගාණම
නිර්මලා තත්පර විනාඩි වලටත්, විනාඩි පැය වලටත්, පැය දින වලටත්, දින සති වලටත්, සති මාස වලටත්, මාස අවුරුදු වලටත් හැරෙන හැටී
ගණන් කරන එකත් ඒ ගෙවිච්ච දින වෙනුවෙන් මඟ බලන් හිටියා කියන එකත් අමතක කරන්නවත්
කාගෙන්වත් හංගන්නවත් පුළුවන් දෙයක් නෙවෙයි.
" නිර්මලා, නිර්මලා ඔයා දැන්වත් කාව හරි කසාද
බදින්න"
තුන්
හිතකවත් තිබ්බ නැති නචන ටිකක් තමන්ගේ ම කටින් පිට වෙද්දි විජේ වම් අතේ මාපට ඇඟිල්ලෙනුයි දඹර ඇගිල්ලෙනුයි නළල තදට පොඩි කර ගත්තා. එහෙමම කිසිම සද්දයක් ඇහෙන්නැති
වෙන්න තමන්ගේ හුස්මත් හිර කර ගන්න ගමන් විජේ ඇහුම්කන් දුන්නේ නිර්මලාගේ හුස්ම
ගැහෙන සද්දේට. ඒ වචන ඇහෙද්දීමයි නිර්මලා හුස්ම තද කර ගත්තේ. නිර්මලාට ඕන උනේ විජේ
ඉස්සරහා අඬන්නවත් ඉකි ගහන්නවත් නෙවෙයි. බොහොම සන්සුන් විදිහට තැන්පත් විදිහට හිනා
වෙන්න විතරයි.
" සර් ලැන්ඩ් ලයින් එකට සර්ට කෝල් එකක්, මං
හිතන්නේ සර්ගේ වයිෆ්"
නිර්මලා
දුරකථනය විසන්ධි කරනවත් එක්කම විජේ කාර්යාලීය දුරකථනය කනේ තියා ගත්තා.
"මොකද හැන්ඩ් ෆොන් බී.සී. අර පත්තිනි අම්මණ්ඩි එක්ක වෙන්නැති මෙච්චර
වෙලා කඳේ දාගෙන ඉන්න ඇත්තේ"
නිර්මලා ඒ
දෙබස හිමිට තමන්ටම මුමුණන ගමන් නිර්මලා රණතුංග, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් කියන තැනින් ලියුමකට අස්සන ගැහුවේ විජේට දෙන්න එක්කහු කරපු සැහැල්ලු හිනාවක් හිමිට මුණේ ඇඳ ගන්න ගමන්.
No comments:
Post a Comment