මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Monday, October 22, 2018

කොහෙද ඒ මනුස්සයා



දන්නව නම් මට කියන්න කොහෙද ඒ මනුස්සයා
 
වැඩිය කෙස් නැති - කතා බහ නැති
බුලත් විට කන අනියතයි ලොව කියන
ලී කදට පණ දෙනා වෙස් මුණු හදන්නා

කාරණය පොඩිම නෑ බරපතලමත් නෑ
වියදමක් උනත් ලොකු මට එකේ වගක් නෑ

දැන් ඉතිං මට කියන්න කොහෙද ඒ මනුස්සයා
ලී කදට පණ දෙනා වෙස් මුණු හදන්නා

හදන්නට තියෙන්නේ වෙස් මුහුණක් තමයි
ඒත් එය විය යුතුයි වාගේම මගේ මුණ

දැන් ඉතිං මට කියන්න කොහෙද ඒ මනුස්සයා
ලී කදට පණ දෙනා වෙස් මුණු හදන්නා

මගේ ලඟ තියෙනවා ලී කදක් පණක් නැති
පාට හැඩතල යසට පෙනෙන්නට හදවන්න

දැන් ඉතිං මට කියන්න කොහෙද ඒ මනුස්සයා
ලී කදට පණ දෙනා වෙස් මුණු හදන්නා

කඳුලු බිඳු තෙරපිලා දෑස් බොඳ වන විටක
ලබා ගැරහුම් හිත රිදවගත් විටක
පලදින්න සැමදෙනට ලෝකයට දකින්නට
හදවන්න මට ඕනේ සිනා ඇදි මගේ මුණ

දැන් ඉතිං මට කියන්න කොහෙද ඒ මනුස්සයා
නුඹේ ඔය හිනා වත හැදුව ඒ මනුස්සයා
ලී කදට පණ දෙනා වෙස් මුණු හදන්නා.




10 comments:

  1. මේක වෙනස්ම නිර්මාණයක්. කියවගෙන යද්දී පරිවර්ථනයක් වගේ දැනෙනව. අපූරුයි යාත්‍රා.

    ජයවේවා!!!

    ReplyDelete
  2. ඒක අපූරුයි. ඇත්තෙන්ම ලස්සනයි. ජයවේවා!

    ReplyDelete
  3. එල...
    වෙනස්ම සිතුවිල්ලක්...

    ReplyDelete

ඔබේ පැමිණීම

  "මනුස්සයෙක් මැරෙන්න තීරණේ කරාම කොයි වගේද?" මම ප්‍රතිභාගෙන් එහෙම ඇහුවේ එයා නකුටු බල්ලෙක්ගේ බෙල්ල අත ගගා ඌව හුරතල් කර කර ඉද්දී. මේ...