මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Tuesday, April 9, 2019

අම්මා කැමතිම :


සමහර දවස්වල අපි බිව්වට
හකුරු එක්කලා කහට
අම්මා කැමතිම බොන්න
ලුණු රහට පෙරෙන කඳුළු 

සමහර දවස්වල අපි කෑවට
නෑඹිලියක් පිරුණූ බත් කැට
අම්මා වැඩිපුරම කැමති
සුරන්නමයි බත් ඇලුණු මුට්ටිය


සමහරක් දා රෑක නොහිටියත්
අපි නිදන පන් පැදුර අද්දර
අම්මා කැමති තිබුණේම අපිව
තුරුල්කර ගන්න ඒ පපුව මැද්දට 


එහෙම දවසට අපෙ කන් ඉස්සරහම
පැරදුණත් රෑ බදුලු සංගීතය
පාන්දර ඉදෙන මස් කරියේ සුවඳට
හිනෙනුත් තලු මැරුවා අපි තරඟයට


හරි සමව බෙදා දුන්නට අපිට
ඉතිරි කර නොගෙන වළදක
අම්මා කවදත් කොටසක්
ඉතිරි කරනවා පිඟානෙම පැත්තක


ඒ වගේ දවස්වල හැමදාම
ඇළ ගාව තාත්තාගේ සොහොනට
අම්මා කැමතිම දුවන්නට
ඉතිරි කළ පංගුවත් අරගෙන

3 comments:

  1. හරි වේදනාත්මක අවසානයක්. ලස්සනයි

    ReplyDelete
  2. තියෙන මව්වත්කම දැක්කහම
    පපුවෙ කැටිවෙයි සෙනෙහෙවත්කම
    දරු කැලක් වැඩි නැහැයි හිතතොත්
    ගන්න මාවත් ඔබෙ ඇකයටම

    ReplyDelete

C ට ආදරෙන්

  ආදරණීය C, මේ වෙන්වීම මට දැනුනේ අපෙන් අපව තවත් දුරස් කරවන හැඟිමක්, ඔබව - මට වසර ගණනාවකින් හමුවෙලා නැහැ, ඔබ - මම වසර ගණනාවකින් කතාබහ කරලා නැ...