මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Thursday, August 17, 2017

ඔබ


ජීවිතය කවියක්ය ඔබ කියූවේ එහෙම
මෘදු ස්වර තාලයක ගැට ගැසුවේත් ඔබය

මඳින් මද මඳින් මද එළිවැටද බිඳ දමා

ගිනි තබා කවිය අරුත්සුන් කළේ ඔබය

මහද ගැඹුරුම තැනක් සිප ගනී යැයි සිතා
අතැර යන කවි පංති අතින් පොඩි කර හරිමි

හිතින් මැන බලන්නට ඉතිරි නම් තවත් කවි

ඉඩක් දෙමි සැඩ හිරුට ලතෙත් බව වියළන්න

මහා කන්දක සිරස නැඟ එක්ව ගිමන් හැර
නික්මෙද්දී ඔබ තනිව සඳ අතින් තුරුළු කර

ඉකි බිඳුම් මන්ද්‍ර තනු ස්වරයක ගලපමින

ලිහිණියක අත තියමි මේ කුළට දෙනු පිණිස

ඔබ යද්දි විජිතයට කැඳවාන සඳ රැජිණ
දුර්ග මඟ අඳුරු තැන තනිව මම නතර වෙමි

කදෝකිමි පියඹාන ආවොතින් එළිය ගෙන

ගිණි හුළින් දැවී ගිය නෙත් අඳුන් පෙන්වමිය

ඔබ දිනෙක කී පරිදි මම මහා සයුරක්ය
චණ්ඩ සිඳු රැළි මතින් වෙරළ වෙත පහත් වෙන

ඔබ නොදන්නේම කොහොම සයුරු හද නිසසලය

සුන්දරයි කියන හැමදේ සැඟව ගත්තේම එහිය

දිනෙක ඔබ මා අතර දළුදමා වැඩෙන්නට
ඉතිරි නොකරමි බිඳක් ප්‍රේමයේ මාත්‍රා

ඔබේ හුස්මක ගිලුණු මා හෘද ස්පන්දනය

කැබැලී කර විසි කරමි තරු අතර රැදෙන්නට

ඉතිං නොනැවති මඟ යන්න සමුගෙන යන්න
කළු වලාකුළු හිතේ නැඟුණොතින් දිනක ඔබ

එළිය දී සනහන්න පහන් තරුවට ළඟම

තවත් තරු තබා ඇත මගේ නෙත් වගේම වු

6 comments:

කැමැත්තෙමි

මම ලියන්නට කැමැත්තෙමි. මහ පොළව මත හිද , මහ විසල් අහස ගැන....   මම සිතන්නට කැමැත්තෙමි. තත්පරත් මියෙන අවකාශයක සිට , හිතක නොමියෙන සිනහවන් ගැන.....