එකොමත් එක කාලෙක වුණාලු කියන කතාවක් කියන්න තමයි මේ සුදානම් වෙන්නේ. තාම ඉතිං සූදානම විතරයි. කතාව බලන්න, කියවන්න තව ටිකක් විතර කල් යයි. ඊට කළින් ඉතිං පොඩ්ඩක් ලියන්න හිතුවා හැඳින්විමක් විදිහට වගේ.
මේ
කියන්න යන්නේ, එහෙම නැත්නම් ලියන්න යන්නේ, පුංචිම දවස් වල අහපු කතාන්දර
ටිකක්. ඒ දවස්වල මේ කතාන්දර වලට උත්පත්තිය දුන්නේ අපේ අප්පච්චි. එයා ඒ
කතාන්දර වලට කිව්වේ මහ බොරුවාගේ කතාන්දර කියලා. එයා ඒ කතාන්දර කොහොම ඇහුවාද
කියන්න නම් දන්නෑ. සමහර විට අත්තාගෙන් හරි මුත්තාගෙන් හරි වෙන්නත්
පුළුවන්.
කොහොම
උනත් , අහපු, කියවපු සුරංගනා කතා වලටත් වඩා, අප්පච්චිම කියලා දුන්න වීර
කතා වලටත් වඩා, ඉතිහාස කතා, රජ කතා වලටත් වඩා මහ බොරුවාගේ කතාන්දරේ මතක
හිටියා. අප්පච්චිගෙන් අහපු කතාවලට තවත් අඩුවැඩිය ටිකක් දලා, ලුණු ඇඹුල්
එහෙම එකතු කරලා තමයි ලියන්න හිතුවේ.
"ලූ" ගමේ "ලු" කතා විදිහට.
කතාව කියන්න කලින් කියන්නම්කෝ ඉතිං මහ බොරුවා කියන්නේ කොයි විදිහේ කෙනෙක්ද කියලා.එහෙම හොඳයි නේ නේද?
"මහ බොරුවත් ඉතිං හරියටම අපි වගේ තමයිලු. මහ
බොරුවාගේ මුණ හතරැස්ලු, හරියට පෙට්ටියක් වගේ. ඉතින් මහ බොරුවට පෙට්ටි
මුණක් තියෙන්නේ කිවුවොත් හරි. මහ බොරුවට ලොකුම ලොකු රවුම් ඇස් දෙකක්
තිබුණාලු මොක්කම් නහයක් එක්ක, ලොකුම ලොකු ඒ මොක්කම් නහය පුරාම පාට පාට ලප
වලින් පිරිලාලු. මුළු ඇග පුරාම බොකුටු බොකුටු මවිල්ලු, දිගම දිග කොන්ඩේත්
එක්ක පෙට්ටි මුණ පුරා වැවුනු රැවුලකුත් තිබුනලු. ඒ විතරක් නෙවේලු, මහ
බොරුවට පුළුවන්ලු උවමනා වෙලාවකදී ඇකිලෙන්නයි, දිග ඇරෙන්නයි. මහ බොරුවට
හිටියලු පුතෙක්. එයාට හැමෝම කිවුවේ පොඩි බොරුවා කියලලු. එයා ගැන පස්සේ
කියන්නම් කෝ."
ආයේ අහන්න දෙයක් නෑ මේ ඉන්නේ මහ බොරුවාෙ. ඔය හතරුස් මුණක් තියෙන පොඩි හදායා තමයි, කුඩා බොරුවා. මහ බොරුවාගේ පුතා.
මෙන්න මෙයාලාගේ කතාව තමයි ඉතිං ලූ ගමේ ලු කතා විදිහට ඔයාලට කියවන්න ලැබෙන්නේ.
------------------------------------------------------------------------------------------------------------
මහ බොරුවාගේ කතාන්දරය කිව්වේ
ගුණපාල හේරත් (අප්පච්චි)
මහ බොරුවා අදින්නේ මේයා
තුෂාරි හේරත් (නංගී)
මහ බොරුවා ලියන්නේ
මම
------------------------------------------------------------------------------------------------------------
ඉතිං මහ බොරුවාගේ කතාන්දරයක් එක්ක දවස් දෙක තුනකින් හම්බෙමු. (එහෙම කිව්වාට දවස් දෙක තුන ගැන නම් හරියටම කියන්න බෑ)
එතකම් අයුබෝවන් ලු
ඉතිං ලු ගමේ ලු කතා ලියනකම් අපි මඟ බලනවාළු :)
ReplyDeleteපුළුවන් තරම් ඉක්මණින්ම , ලියනවාලු :)
Deleteඔව්. එරන්දි කිව්වා වගේ මමත් මග බලන් ඉන්නවාලු...
ReplyDeleteජයවේවා!!!
ස්තුති ලූ.
Deleteඉක්මණින්ම ලියන්නම් ලු
ලියන්න මහත්තයෝ. ඔබට ලියන්න හැකියාවක් ඇතැයි පෙනෙනවා. දිගටම ලියනකොට ලු යන්න හලලාම ලියන්න පුලුවන්. සුබ පතනවා බොක්කෙන්ම!!! අප්පච්චි කතරගමට සම්බන්ද කෙනෙක්ද....නිකමට ඇහුවේ.
ReplyDeleteස්තුතී කිව්වාලු.
Deleteනෑ කතරගමට කිසිම සම්බන්ධයක් නම් නෑ.
බලාන ඉන්නවා ලු
ReplyDeleteඑහෙනම් ඉක්මණින්ම හමු වෙමු ලු
Deleteජය
ReplyDeleteස්තුතී අරුණ
Deleteලියන්නම් කිව්වට ලියලද කියල දන්නේ නැහැ නෙහ් ?
ReplyDelete