මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Monday, August 21, 2017

නුඹ ; මම

අප; අප වෙතින් සමු ගද්දීත්
නුඹට තෝර ගන්න ඕන උනේම
එවැනිම සෘතුවක් ;
වැව රවුමේ මල් පිපූණ කාලයක්

එත් මම තෝර ගත්තේම
ඊටත් වෙනස් වු සෘතුවක් ;
ළපළු තුරුපත් පවා ගිලිහෙච්ච කාලයක්

තවම නුඹ පිපෙන මල් වලටත්
මම වැටෙන තුරුපතටත්
පෙම් කරන්නට හේතුව
අද ද  හැඳිනගත නොහැකිව
අපට අප ආදරේ වග පමණක්
කවියක ලියන

පෙම්වතිය,
සෘතු දෙකක
නුඹ ; මම


20 comments:

  1. දෙසිතක වෙනස් අදහස් රහට ලියලා.
    අපූරුයි යාත්‍රා.

    ජයවේවා!!!

    ReplyDelete
  2. ම්ම්ම්ම් ... මා නොවන නුඹ සහ නුඹ නොවන මා

    ReplyDelete
  3. ලස්සනයි... ආපු පාරෙම හොයාගෙන ආවා ඕං..
    ජයවේවා

    ReplyDelete
  4. ලස්සනයි... ආපු පාරෙම හොයාගෙන ආවා ඕං..
    ජයවේවා

    ReplyDelete
  5. ලස්සනයි .
    පෙම්වතිය,
    සෘතු දෙකක
    නුඹ ; මම

    ReplyDelete
  6. සෘතුවකට පස්සේ සෘතුවක් නොවෙද... ලස්සනයි

    ReplyDelete

C ට ආදරෙන්

  ආදරණීය C, මේ වෙන්වීම මට දැනුනේ අපෙන් අපව තවත් දුරස් කරවන හැඟිමක්, ඔබව - මට වසර ගණනාවකින් හමුවෙලා නැහැ, ඔබ - මම වසර ගණනාවකින් කතාබහ කරලා නැ...