මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව
Saturday, July 21, 2018
අයේෂා
අයේෂා ! යන්නම යනවා නම් යන්න
නවතිනවා නම් නවතින්න
සැර වැඩියි නම් මගේ වචන
ආයේ කතා නොකරම ඉන්න
එක වීදුරුවක් බිව්වයි කියලා
මිනිස්සු කොහෙවත් මැරුන්නෑ අයේෂා
එහෙම මැරුණ නම් එකෙක් හරි
අන්න උෟ තමයි එහෙනම්
මේ ලොකේ එකම එක වාසනාවන්තයා
කාච වලට හිනාවෙන මිනිස්සු
දන්නවද රෑට තනියෝම අඬනවා
ලොකුවටම ගන්න මඟුල්වලත්
වලං පිඟන් බිදෙනවා අයේෂා
විසඳුමක් නැති ජිවිත
ඕන තරම් තියෙනවා අයේෂා
දැක්කද මේ එඩිට් කළ පින්තුරේ
පෙන්නන්නද අයේෂා එත් එකේ
එකම එක හිස්තැනක් තියෙනවා
"පෝටෝග්‍රැෆර් ඔහොම බිව්වම
සව්ත්තු වෙලා ඇති පොටෝ සේරම
අනේ කොච්චර අපරාදෙ ද
ඒ කෙල්ලගේ ලස්සනම දවස"
අයේෂා මට දුකයි මං ගැන
ඒ තරමට ම උඹ ගැන
කියන්නේ කොහොමද
ඔන්න ඉස්සරම ඉස්සර
ලස්සනම ලස්සන දවස් තිබුණා
මෙන්න මේ මනමාලිටයි
මටයි විතරක් ම වෙන් වෙච්ච
අනේ ප්ලීස් අයේෂා
දැන්වත් ඔය ෆොන් එක තියෙනවද?
මේ වේලාවේ මට ඕන තනිවෙන්න
නුවරඑළියේ සීතලම සීතල විතරක්
මේ කාමරේ ඉදන් තනියෝම විඳගන්න
Subscribe to:
Post Comments (Atom)
FourTwentyAMThought
මේ කවියක් නෙවෙයි ආත්මය හිර කෙරූ වචනයි මෙය මම ලියන්නේ ඇත්තෙන්ම මගේ පලවෙනි පෙම්වතාටයි ("දයාබර ....." මම ආමන්ත්රණය ගන්නේ ඔහොමයි...
-
පුර හඳම අඩ හදක් වෙනකොට කොහොමද වෙනස් වෙන්නේ සහීනා කොල්ලො ගැන දවසම අපි කියවද්දී උඹ නිහඬවම උන්නේ කොහොමද සහීනා කුරානය වඳින්නට අපිව මඟ හ...
-
කපරාරුව විතරක් අතුල්ලපු හතරුස් කණුවට පිට දිලා කොට බිත්තියේ වාඩි උනාම මට පුළුවන් කම තිබුණා අහස දිහා වරු ගාණක් බලාගෙන ඉන්න. මම ආදරේම කරන රූප...
-
ජුනි විසිහතර අදත් ඉර පැයුවේ වෙනදා විදිහටමයි. කිසිම වෙනසක් නෑ. මම ඒක දැන ගත්තේ වෙනදා වගේම මම නිදන ඇදට ඉහළින් තියෙන ජනේලෙන් වැටෙන ඉර ...
මෙහෙම එව්වා ලියන්න පුලුවන් ඔයාටම විතරයි....
ReplyDeleteඅනේ මන්දා ඉතිං සඳු එහෙම කිව්වට
Deleteස්තුතී ඉතිං ගොඩක් ❤️
මෙහෙම එව්වා ලියන්න පුලුවන් ඔයාටම විතරයි....
ReplyDeleteagree
ඉයනනවා කියන්නද කියලා දන්නැ මම
Deleteස්තුතී
ඒක❤️
ReplyDelete