මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව
Thursday, January 24, 2019
ආ .. පුෂ්පා,
ආ .. පුෂ්පා,
ඔයාට හතලිස් අටක්
මටත් දැන් පනහක්.
"අපිත් හරියට අහසයි පොළවයි වගේ"
මමත් දන්නවා පුෂ්පා
අහසටයි පොළවටයි උනත්
මුණ ගැහෙන තැනක් තියෙනවා
උදේ හවස අපි හම්බෙන කෝච්චියට
අත් අල්ලගෙන ඉන්න මෙන්න මේ පැය දෙකට
නමක් දෙන්න බැයිද "ක්ෂිතිජය" කියලා
සැනසෙන්න අපිට ඒ විතරක් මදිද පුෂ්පා
දැන් බැඳලා මොකට විහිළුවක් වෙනවද?
ෆැන්ෂන් යනකම් ජිවත් උනොත්
හැම පෝයකටම සිල් ගනිමු පුෂ්පා
ඔයාට පුළුවන්නේ තඹවිල පන්සලට එන්න
" අවුරුදු ගානක්ම,
ආදරේට විතරක් ජිවිතේ කියපු අපිට
තවත් රකින්න සිල් තියෙනවද?"
එහෙම හිතුවම ඔහොම හිනා යනවා තමයි පුෂ්පා
එත් අපිට පුළුවන්නේ පුෂ්පා,
ඒ පෝය දවසකට
සිල් ගන්න පෙර මොහොතකට
"ක්ෂිතිජය" කියලා නමක් දෙන්න
ජිවිතේ ඉතුරු කාලෙට
අපිට ඒ විතරක් මදිද? පුෂ්පා
අම්මාගේ බේත් ටික ගන්න අමතක වෙයි
මටත් තියෙනවා ටවුමට යන්න
චුටි නංගිගේ පොඩි පුතාට
පොත් ලයිස්තුව ගන්න
ඊළඟ ස්ටේෂමෙන් බැහැලා
ඔන්න ඔය ටික ඇවිදගෙන ම යමුද? පුෂ්පා
ඔයාට පුළුවන් නේ "ක්ෂිතිජය" කියන්න
ෆාමසිය ගාවට ඔයත් එක්ක මම එන ටිකට
Thursday, January 10, 2019
පෙම්වත
ඉතා දුර ඈත අහසක
ඔබ නාඳුනන තරුවක් වන්න.
පෙම්වත,
සියක් දහසක් තාරකා අතර
මට පුළුවන්, ඔබව වෙන්ව හඳුනාගන්න.
ඉතා ඉතා කුඩා වා අංශුවක්ව
ඔබ විශ්වය සැරි සරන්න.
පෙම්වත,
සහස් සුසුමන් සුළි සුළං මැද
මට පුළුවන්, ඔබව ම හුස්ම කරගන්න.
ඉතා දුක්බර හවසක
අවැසි නික්මෙන්න පවසන්න.
පෙම්වත,
මුදා මා දෑතින් ඔබව
මට පුළුවන්, ප්‍රේමය පාරමිතාවක් කරගන්න.
ඉතා සහැසි සැඩ රළක්ව
හද වෙරළ මත පතිත වන්න.
පෙම්වත,
බිදෙන්නට නොදි රළ පෙණැති
මට පුළුවන්, දෑත පෑමට කාරුණිකවන්න.
ඉතා හදිසියෙ පැමිණ දිනෙක
ප්‍රේමය නොමැරුණි දැයි පමණක් විමසන්න.
පෙම්වත,
ඔබ නාඳුනන තරුවක් වන්න.
පෙම්වත,
සියක් දහසක් තාරකා අතර
මට පුළුවන්, ඔබව වෙන්ව හඳුනාගන්න.
ඉතා ඉතා කුඩා වා අංශුවක්ව
ඔබ විශ්වය සැරි සරන්න.
පෙම්වත,
සහස් සුසුමන් සුළි සුළං මැද
මට පුළුවන්, ඔබව ම හුස්ම කරගන්න.
ඉතා දුක්බර හවසක
අවැසි නික්මෙන්න පවසන්න.
පෙම්වත,
මුදා මා දෑතින් ඔබව
මට පුළුවන්, ප්‍රේමය පාරමිතාවක් කරගන්න.
ඉතා සහැසි සැඩ රළක්ව
හද වෙරළ මත පතිත වන්න.
පෙම්වත,
බිදෙන්නට නොදි රළ පෙණැති
මට පුළුවන්, දෑත පෑමට කාරුණිකවන්න.
ඉතා හදිසියෙ පැමිණ දිනෙක
ප්‍රේමය නොමැරුණි දැයි පමණක් විමසන්න.
පෙම්වත,
ප්‍රේමයෙන් ඇබින්දක් තව ඉතිරි හදවතින්
මට පුළුවන්, ඔබ දෙසම බලා මදක් හිනැහී සැනසෙන්න.
මට පුළුවන්, ඔබ දෙසම බලා මදක් හිනැහී සැනසෙන්න.
Tuesday, November 27, 2018
විරාම
සමහර විරාම ;
නුඹවත් නුඹේ මතකත්
අමතක කරනු පිණිසය.
තවත් සමහර විරාම ;
ආගිය මඟක අතැර ආ
දුහුවිලි සුගන්ධ සිනාවන් සොයනු පිණිසය.
විටෙක නොහිතා තබන විරාම ;
කැබැලි වි ගිය රුවක සේයාවක්
හදබිතේහි රක්තවර්නයෙන් අඳිනු පිණිසය.
දිගුම තත්පරවලින් තබන විරාම ;
ප්‍රේමයේ තුෂරබිඳු වලින් මුවක් නැහැවෙන
හිමිකමක් හිත දරණු පිණිසය.
සැලසුම් සහගත විරාම ;
අහිමි හදවත් අතර රැදෙන්නට නොහැකිව
මා නොවන මා සොයනු පිණිසය.
සමහර විට යළිත් එළැබෙන විරාමය ;
අහඹුවක් විලසින් සිනාවෙන් හා කඳුලෙන්
සමුගෙන නොපෙනී යාම පිණිසය.
Sunday, November 18, 2018
මම කැමැත්තෙමි.
මම ලියන්නට කැමැත්තෙමි.
මහ පොළොව
මත හිද,
මහ විසල් අහස ගැන ...
මම සිතන්නට කැමැත්තෙමි.
තත්පරත් මියෙන අවකාශයක සිට,
හිතක නොමියෙන සිනහවන් ගැන ...
මම දකින්නට කැමැත්තෙමි.
උසැති කඳු මුදුනට පෙනෙන,
හිරු සැගව යන ක්ෂිතිජය ...
මම සිඹින්නට කැමැත්තෙමි.
සුළඟ විසි කළ මලක්,
දෝත පා පිළි ගන්න වැලිබිම ...
මම නිදන්නටකැමැත්තෙමි.
ලේ පැහැති කඳුළු කැට,
වැටි සැඟවෙන තෙත්බිම ...
Tuesday, October 30, 2018
මලක් නොපිපේ නම් එතැන
ජාති කුල මළ අනුව
බේදා ගත් සොහෙන් බිම,
පෙළපත් නම ගමද වංශයද
ලියා ඇත යම් කෙනෙක් තනතුරද.....
මලක් නොපිපේ නම් එතැන
කුමන සුවඳක් වේද?
පස් අස්සේ හැංගිච්ච කතාවට
හැකිද හුස්මක් දෙන්න
ඒ පලක මත ඇති
නම ගමින් තනතුරින්
මලක් නොපිපේ නම් එතැන
කුමන සුවඳක් වේද?
ජාති ජන්මය අනුව
සොහොන් බිම වෙන් කළද....
මල කඳක් පස් වන්නේ
ජාති ජන්මය මතද....
මලක් නොපිපේ නම් එතැන
කුමන සුවඳක් වේද?
හතර රියනෙන් අවසන්ව
යනෙන මේ සුළු මොහොතට
බෙදා ගත නොහැකි තරමට
බදා ගත් දෑ අතැර යන්නටත්
වෙන් කල යුතුම වේද බිම්කඩ
මලක් නොපිපේ නම් එතැන
කුමන සුවඳක් වේද?
Subscribe to:
Posts (Atom)
FourTwentyAMThought
මේ කවියක් නෙවෙයි ආත්මය හිර කෙරූ වචනයි මෙය මම ලියන්නේ ඇත්තෙන්ම මගේ පලවෙනි පෙම්වතාටයි ("දයාබර ....." මම ආමන්ත්‍රණය ගන්නේ ඔහොමයි...
-
කපරාරුව විතරක් අතුල්ලපු හතරුස් කණුවට පිට දිලා කොට බිත්තියේ වාඩි උනාම මට පුළුවන් කම තිබුණා අහස දිහා වරු ගාණක් බලාගෙන ඉන්න. මම ආදරේම කරන රූප...
-
පුර හඳම අඩ හදක් වෙනකොට කොහොමද වෙනස් වෙන්නේ සහීනා කොල්ලො ගැන දවසම අපි කියවද්දී උඹ නිහඬවම උන්නේ කොහොමද සහීනා කුරානය වඳින්නට අපිව මඟ හ...
-
ජුනි විසිහතර අදත් ඉර පැයුවේ වෙනදා විදිහටමයි. කිසිම වෙනසක් නෑ. මම ඒක දැන ගත්තේ වෙනදා වගේම මම නිදන ඇදට ඉහළින් තියෙන ජනේලෙන් වැටෙන ඉර ...




